Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 18:21 - Sinhala Revised Old Version

21 එවිට යෝවාබ්: ගොස් නුඹ දුටු කාරණා රජුට දන්වන්නැයි කූශියයාට කීවේය. කූශියයා යෝවාබ්ට වැඳ දිවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එවිට ජෝවාබ්, “ඔබ ගොස් දුටු දේ රජුට දන්වන්නැ”යි කුෂීය ජාතිකයාට කීවේ ය. ඔහු ජෝවාබ්ට වැඳ දිව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:21
4 හුවමාරු යොමු  

යෝවාබ්ද: අද නුඹ ආරංචි ගෙන නොයන්න, වෙන දවසක ආරංචි ගෙනයන්ට පුළුවන. නුමුත් රජුගේ පුත්‍රයා මැරුණු නිසා අද ආරංචි ගෙනයන්ට එපායයි ඔහුට කීවේය.


එවිට ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් නැවතත් යෝවාබ්ට කථාකොට: කොහොම නුමුත් මටත් කූශියයා පස්සේ දුවන්ට අවසර දුනමැනවැයි කීවේය. යෝවාබ්ද: මාගේ පුත්‍රය, නුඹට සෑහෙන ආරංචි නැති කොට දුවන්නේ මක්නිසාදැයි ඇසුවේය.


එහෙත් ඔහු: මක්වෙතත් දුවමියි කීවේය. ඔහුද: දුවන්නැයි ඔහුට කීය. එවිට අහිමයාශ් සමභූමියේ මාවතින් දුවගොස් කූශියයා පසුකර ගියේය.


එවිට කූශියයා ආවේය. කූශියයා කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මක්නිසාද ඔබට විරුද්ධව නැගුටුණු සියල්ලන්ගෙන් ස්වාමීන්වහන්සේ අද ඔබ උදෙසා පළිගත්සේකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්