Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 17:9 - Sinhala Revised Old Version

9 දැන් ඔහු වළක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද පටන්ගැන්මේදීම ඔවුන්ගෙන් සමහර දෙනෙක් වැටුණාම ඒ අසන කවුරු නුමුත්–අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මැරීමක් සිදුවීයයි කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 දැන් වුව ද ඔහු ගුහාවක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද, මුල් පහර දීමේ දී ඔවුන්ගෙන් සමහර දෙනෙකු මිය ගිය විට එය අසන කවුරුන් නමුත්, ‘අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මහා ඝාතනයක් සිදු වී තිබේ ය’යි කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 දැන් වුව ද ඔහු ගුහාවක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද, මුල් පහර දීමේ දී ඔවුන්ගෙන් සමහර දෙනෙකු මිය ගිය විට එය අසන කවුරුන් නමුත්, ‘අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මහා ඝාතනයක් සිදු වී තිබේ ය’යි කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 17:9
10 හුවමාරු යොමු  

ඔහු මාර්ගයෙහි තිබුණු බැටළු ගාල්වලට පැමුණුණේය. සාවුල් ශරීර කෘත්‍යය සඳහා එහි තිබුණ ගුහාවකට ඇතුල්වුණේය. දාවිත්ද ඔහුගේ මිනිස්සුද ගුහාවේ ඇතුල් භාගවල සිටියෝය.


එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය.


මක්නිසාද: පළමු වතාවේ මෙන් ඔව්හු අප ඉදිරියෙන් පලායන්නෝයයි කියමින්, ඔවුන් නුවරින් ඈත්කරගන්න තුරු ඔවුන් අප පස්සේ එනවා ඇත; එබැවින් අපි ඔවුන් ඉදිරියෙන් පලායන්නෙමුව.


හායි නුවර මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් තිස් හදෙනෙක් පමණ මැරුවෝය. ඔව්හු නුවර දොරටුවේ සිට ෂෙබාරීම් දක්වා ඔවුන් පස්සේ එළවාගන ගොස්, පල්ලමේදී ඔවුන්ට පහරදුන්නෝය. එවිට සෙනඟගේ සිත් දියවී ගොස් වතුර මෙන් වුණේය.


හූෂයි වැඩි දුරටත් කියනුයේ: ඔබගේ පියාණන් හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත් වනයෙහි පැටියන් නැතිවුණ වැලහින්නියක් මෙන් කෝපව සිටින බවත් ඔබ දන්නෙහිය. ඔබගේ පියාණෝ යුද්ධකාරයෙක්ය, ඔහු රාත්‍රියෙහි සෙනඟ සමඟ නවතින්නේ නැත.


එවිට සිංහයෙකුගේ සිත මෙන් සිතක් ඇති බලවන්තයා පවා මුළුමනින්ම මලානික වෙනවා ඇත. මක්නිසාද ඔබගේ පියාණන් බලවන්තයෙක් බවත් ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මනුෂ්‍යයන් බවත් සියලු ඉශ්‍රායෙල්වරු දනිති.


ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය.


ඉතින් නුඹලා ගොස් තව සෝදිසිකර, ඔහු ගැවසෙන ඔහුගේ ස්ථානයත් එහි ඔහු දුටුවේ කව්ද කියාත් බලා දැනගන්න. මක්නිසාද ඔහු බොහෝ උපාය දක්ෂව හැසිරෙන බව මට දැනගන්ට ලැබී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්