Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 17:22 - Sinhala Revised Old Version

22 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි මුළු සෙනඟද පිටත්ව යොර්දානෙන් එගොඩවූවෝය. එළිවෙනකොට ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් යොර්දානෙන් එගොඩ නොගොස් ඉතුරුව සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නො‍ගොස් ඉතිරි ව සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද පිටත් ව ජොර්දාන් ගඟෙන් එගොඩ වූ හ. එළි වන විට ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ජොර්දානෙන් එගොඩට නො‍ගොස් ඉතිරි ව සිටියේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 17:22
8 හුවමාරු යොමු  

මෙසේ වුණේ: ඔබ මට දුන්නවුන්ගෙන් එක්කෙනෙක්වත් නැතිවුණේ නැතැයි උන්වහන්සේ විසින් කියනලද වචනය සම්පූර්ණවන පිණිසය.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


නුවණැත්තා විපත්තිය දැක සැඟවෙයි; අනුවණයෝ නොනැවතී ගොස් අච්චු ලබති.


දාවිත් මහනායිම්ට ආයේය. අබ්සලොම්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද යොර්දානෙන් එගොඩට ගියෝය.


නුඹේ මෙහෙකරුවෝ වන අපි අප යටතේ සිටින යුද්ධකාරයන්ගේ ගණන් බලා අපෙන් එක මනුෂ්‍යයෙක්වත් අඩු නැති බව දැනගතිමුව.


තවද ඔවුන් ගිය පසු, ඔව්හු ළිඳෙන් ගොඩනැගී ගොස් දාවිත් රජුට දන්වමින්: ඔබට විරුද්ධව අහිතොපෙල් මෙසේ මන්ත්‍රණයකළ නිසා පිටත්වී ඉක්මනින් ඇළෙන් එගොඩවුවමැනවැයි දාවිත් රජුට කීවෝය.


තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.


මාගේ දෙවියන්වහන්ස, මාගේ ආත්මය මා තුළෙහි මලානිකවෙයි. එබැවින් යොර්දාන් දේශයෙත් හෙර්මොන් කඳුවලත් මිශාර් කන්දෙත් සිට ඔබ සිහිකරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්