Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 17:12 - Sinhala Revised Old Version

12 එසේ ඔහු සිටින යම් ස්ථානයකට අපි ඔහු වෙතට පැමිණ, භූමි මතුයෙහි පිනි වැටෙන්නාක් මෙන් ඔහු පිටට බැස එන්නෙමුව. එවිට ඔහුවත් ඔහු සමඟ සිටින සියලු මනුෂ්‍යයන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එසේ ඔහු යම් ස්ථානයක සිටින්නේ ද, අපි එතැනට පැමිණ, මිහි පිට පිනි වැටෙන පරිදි ඔහු කරා පැමිණෙන්නෙමු. එවිට ඔහු වත්, ඔහු සමඟ සිටින මිනිසුන්ගෙන් එකෙක් වත් ඉතිරි නොවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එසේ ඔහු යම් ස්ථානයක සිටින්නේ ද, අපි එතැනට පැමිණ, මිහි පිට පිනි වැටෙන පරිදි ඔහු කරා පැමිණෙන්නෙමු. එවිට ඔහු වත්, ඔහු සමඟ සිටින මිනිසුන්ගෙන් එකෙක් වත් ඉතිරි නොවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 17:12
8 හුවමාරු යොමු  

පර්වත විවරවල වසන්නාවූ, උස්වූ වාසස්ථානයක් ඇත්තාවූ, මා බිම හෙළන්නේ කවුදැයි තමාගේ සිතින් සිතාගන්නාවූ නුඹ නුඹේ සිතේ උඩඟු කමට රැවටුණෙහිය.


මම හාරා අන්‍ය දේශවල වතුර බීවෙමි, මාගේ අඩි තැබීමෙන් මිසරයේ සියලු ගංගා හින්දවන්නෙමියි කීයෙහිය.


ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇපදුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.


බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.


ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් ස්ථාන බලා, සත්තකලෙස දැනගෙන, මා ළඟට නැවත එන්න, එවිට මම නුඹලා සමඟ ගොස්, ඔහු රටේ ඉන්නවා නම්, යූදාහි සියලු දහස්ගණන් අතරෙහි ඔහු සොයාගන්නෙමියි කීවේය.


ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.


යාකොබ්ගේ ඉතිරිවූ අය බොහෝ ජනයන් අතරෙහි ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙන පිනි මෙන්ද මනුෂ්‍යයා ගැන ප්‍රමාද නොවී, මනුෂ්‍ය පුත්‍රයන් ගැන පමා නොවී, පලා ජාති පිටට බසින වැහිබින්දු මෙන්ද සිටිනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්