Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:1 - Sinhala Revised Old Version

1 ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පණස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 අබ්සලොම් රථයක් ද අශ්වයන් ද තමාට පෙරටුවෙන් දුවන්නට මිනිසුන් පනස්දෙනෙකු ද සූදානම් කර ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:1
11 හුවමාරු යොමු  

එකල හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා: මම රජවෙමියි කියා තමාම උසස්කරගෙන රථද අසරුවන්ද තමාට පෙරටුව දුවන පිණිස මනුෂ්‍යයන් පනස්දෙනෙක්ද සපයාගත්තේය.


සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මම නුඹට විරුද්ධව නුඹේම පවුලෙන් විපත්ති උපදවා, නුඹේ ඇස් ඉදිරියේදී නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වාසියෙකුට දෙන්නෙමි; හෙතෙම මේ සූර්යයා ඉදිරියෙහි නුඹේ භාර්යාවන් සමඟ සයනයකරන්නේය.


ඔහු කථාකොට: නුඹලා කෙරෙහි රජකම්කරන්නාවූ රජුගේ අන්දම මෙසේ වන්නේය. ඔහු නුඹලාගේ පුත්‍රයන් ගෙන තමාගේ රථාචාර්යයන් හා අසරුවන් කොටද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිසද පත්කරගන්නේය.


ඩබරයට ප්‍රියවෙන්නා වරදට ප්‍රියවෙයි; තමාගේ දොරකඩ උස්කොට සාදන්නා විනාශය සොයයි.


විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.


උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.


රජද: නුඹලාගේ ස්වාමිහුගේ සේවකයන් කැඳවාගන මාගේ පුත්‍රවූ සාලමොන් මාගේම අශ්වතරයා පිට නංවාගන ගීහොන්ට යන්න.


බොහෝ අශ්වයන් ඔහු විසින් සපයා නොගත යුතුය, බොහෝ අශ්වයන් සපයාගන්න පිණිස සෙනඟ මිසරයට හැරීයන්ට නොසැලැස්විය යුතුය. මක්නිසාද: නැවත මේ මාර්ගයෙන් තවත් හැරී නොයන්නැයි ස්වාමීන්වහන්සේ නුඹලාට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්