Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 13:24 - Sinhala Revised Old Version

24 ඔහු රජු වෙතට ඇවිත් කථාකොට: ඔබගේ මෙහෙකරුවාට බැටළුලොම් කපන්නෝ සිටිති; ඉතින් රජුද තමන්ගේ සේවකයන්ද ඔබගේ මෙහෙකරුවා සමඟ අවමැනවියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔහු රජු වෙත අවුත් කතා කොට, “ඔබේ මෙහෙකරුවාට බැටළු ලොම් කපන්නෝ සිටිති; ඉතින් රජු ද තමන්ගේ සේවකයන් ද ඔබේ මෙහෙකරුවා සමඟ අව මැනවැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔහු රජු වෙත අවුත් කතා කොට, “ඔබේ මෙහෙකරුවාට බැටළු ලොම් කපන්නෝ සිටිති; ඉතින් රජු ද තමන්ගේ සේවකයන් ද ඔබේ මෙහෙකරුවා සමඟ අව මැනවැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 13:24
8 හුවමාරු යොමු  

ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.


ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.


කල්යාමෙන් ෂුවාගේ දූවූ, යූදාගේ භාර්යාව මළාය; යූදා සැනසුණායින් පසු තමාගේ මිත්‍රවූ අදුල්ලමියවූ හීරා සමඟ තමන් බැටළුවන්ගේ ලොම් කපන්නන් වෙත තිම්නාවට ගියේය.


නුඹට බැටළු ලොම් කපන්නන් සිටින බව ඇසීමි. නුඹේ බැටළු එඬේරු අප සමඟ සිටියෝය, අප ඔවුන්ට හිංසාකළේවත් ඔවුන් කර්මෙල්හි සිටි මුළු කාලයෙහි ඔවුන්ගෙන් කිසිවක් නැතිවුණේවත් නැත.


මීට පුරා දෑවුරුද්දකට පසු එප්‍රායිම්ට නුදුරුවූ බාල්-හාශොර්හි අබ්සලොම්ට බැටළු ලොම් කපන්නෝ වූවෝය. අබ්සලොම් සියලු රාජ පුත්‍රයන් කැඳෙවුවේය.


රජද: නෑ, මාගේ පුත්‍රය, අපි සියල්ලෝම නොඑන්නෙමුව, ආවොත් නුඹට බරක් වේයයි අබ්සලොම්ට කීවේය. ඔහු පෙරැත්තකළ නුමුත් ඔහු යන්ට කැමති නොවීය, නුමුත් ඔහුට ආශීර්වාද කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්