Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:26 - Sinhala Revised Old Version

26 යෝවාබ් අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාට විරුද්ධව යුද්ධකොට රාජධානිය අල්ලාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ජෝවාබ් අම්මොන්වරුන්ට අයිති රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කොට රාජධානිය අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ජෝවාබ් අම්මොන්වරුන්ට අයිති රබ්බා නගරයට විරුද්ධ ව යුද්ධ කොට රාජධානිය අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:26
9 හුවමාරු යොමු  

(ඉතුරුවූ රෙඵායිම් යෝධයන්ගෙන් ඒ වන තුරු ඉතුරුව සිටියේ බාෂාන්හි රජවූ ඕග් පමණක්ය; ඔහුගේ ඇඳ යකඩ ඇඳකි; එය අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි තිබෙනවා නොවේද? මනුෂ්‍යයෙකුගේ රියන ලෙස එහි දිග නව රියනක්ය, එහි පළල සතර රියනක්ය.)


එවිට දාවිත් පණිවිඩකාරයාට කථාකොට: නුඹ යෝවාබ්ට මෙසේ කියන්න–මේ කාරණය ගැන කනගාටු නොසිතන්න; මක්නිසාද කඩුව එකෙකු නසන්නාක් මෙන් අනිකෙකුද නසන්නේය. නුවරට විරුද්ධව සටන තව බලතරකොට ඒක බිඳහෙලන්න කියා ඔහුට ධෛර්ය දෙන්නැයි කීවේය.


තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත්ව යන කාලයේ දාවිත් යෝවාබ්ද ඔහු සමඟ තමාගේ සේවකයන්ද සියලු ඉශ්‍රායෙල්වරුන්ද හැරියේය; ඔව්හු අම්මොන් පුත්‍රයන් විනාශකොට රබ්බා වටලූහ. නුමුත් දාවිත් යෙරුසලමේ නැවතී සිටියේය.


උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට යෙදීදියා යන නම තබන ලද්දේය.


යෝවාබ් දාවිත් වෙතට පණිවිඩකාරයන් යවමින්: රබ්බාට විරුද්ධව යුද්ධකෙළෙමි, ජල නුවරද අල්වාගතිමි.


දාවිත් මහනායිම්ට පැමුණුණු විට අම්මොන් පුත්‍රයන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත්‍රවූ ෂෝබිද ලෝ-දෙබාර්හි අම්මීයෙල්ගේ පුත්‍රවූ මාඛීර්ද රොගේලීම්හි ගිලියදිය බර්සිල්ලයිද,


රබ්බා ඔටුවන්ට තෘණ බිමක්ද අම්මොන් පුත්‍රයන්ගේ රට බැටළුවන් ලගින ඉඩමක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


බලවත් නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොම්ට මා පැමිණෙවුවේ කවුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්