Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:24 - Sinhala Revised Old Version

24 පසුව දාවිත් තමාගේ භාර්යාවවූ බැත්-ෂෙබා සනසා ඈ ළඟට පැමිණ ඈ සමඟ සයනයකෙළේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය, ඔහු සාලමොන් යන නාමය ඔහුට තැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඉන්පසු දාවිත් තමාගේ බිරිඳ වන බැත්-ෂෙබා සනසා, ඈ ළඟට පැමිණ, ඈ සමඟ සයනය කෙළේ ය. ඈ පුතෙකු ලැබුවා ය. සලමොන් යන නම දාවිත් ඔහුට තැබුවේ ය. සමිඳාණන් වහන්සේ දරුවාට ප්‍රේම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:24
13 හුවමාරු යොමු  

යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය;


තවද දාවිත් රජ මුළු සභාවට කථාකොට කියනුයේ: දෙවියන්වහන්සේ විසින් තෝරාගත් එකම තැනැත්තා වන මාගේ පුත්‍රවූ සාලමොන් තවම ළාබාලය, වැඩෙත් මහත්ය. මක්නිසාද මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවිවූ ස්වාමීන්වහන්සේටය.


යෙරුසලමේදී ඔහුට දාව උපන් අය මොව්හුය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය, මේ හතරදෙනා අම්මියෙල්ගේ දූවූ බැත්-ෂුවාගෙන් උපන්නෝය.


නුඹේ දවස් සම්පූර්ණවී නුඹේ පියවරුන් සමඟ නුඹ සැතපුණු කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ බීජය නුඹට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිරකරන්නෙමි.


උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට යෙදීදියා යන නම තබන ලද්දේය.


නුමුත් ඔහු අනාගතවක්තෘවූ නාතාන්ද බෙනායාද බලවන්තයන්ද තමාගේ සහෝදරවූ සාලමොන්ද කැඳෙව්වේ නැත.


එවිට නාතාන් සාලමොන්ගේ මව්වූ බැත්-ෂෙබාට කථාකොට: අපේ ස්වාමිවූ දාවිත් නොදැනුවත්ව හග්ගීත්ගේ පුත්‍රවූ අදොනියා රජවී සිටින බව නුඹට සැලනොවීද?


ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය.


ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.


යෙරුසලමේදී ඔහු නිසා උපන්නවුන්ගේ නම් මේය: ෂම්මුවාද ෂෝබාබ්ද නාතාන්ද සාලමොන්ද,


මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්