Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:22 - Sinhala Revised Old Version

22 ඔහුද: ළදරුවා ජීවත්ව සිටියදී මම නිරාහාරව සිට ඇඬුවෙමි. මක්නිසාද–ළදරුවා ජීවත්වෙන ලෙස ස්වාමීන්වහන්සේ මට කරුණාකරනසේක්ද නැද්දැයි දන්නේ කවුදැයි සිතුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 දාවිත් පිළිතුරු දෙමින්, “ළදරුවා ජීවත් ව සිටිය විට මම නිරාහාර ව සිට ඇඬුවෙමි. මා එසේ කෙළේ, ‘දරුවා ජීවත් වන ලෙස සමිඳාණන් වහන්සේ මට කරුණා කරන සේක් ද, නො‍කරන සේක් ද කියා කවුරු දනිත් දැ’යි මා සිතූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 දාවිත් පිළිතුරු දෙමින්, “ළදරුවා ජීවත් ව සිටිය විට මම නිරාහාර ව සිට ඇඬුවෙමි. මා එසේ කෙළේ, ‘දරුවා ජීවත් වන ලෙස සමිඳාණන් වහන්සේ මට කරුණා කරන සේක් ද, නො‍කරන සේක් ද කියා කවුරු දනිත් දැ’යි මා සිතූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:22
10 හුවමාරු යොමු  

නුඹ ගොස් හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දුටිමි. නුඹේ වයසට අවුරුදු පහළොහක් එකතුකරන්නෙමි.


එවිට නැවේ ප්‍රධානියා ඔහු ළඟට ඇවිත්: නුඹ නිදාගන ඉන්නේ මක්නිසාද? නැගිට නුඹේ දෙවියන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න, සමහරවිට අප විනාශ නොවන ලෙස දෙවියන්වහන්සේ අප ගැන කල්පනාකරනවා ඇතැයි ඔහුට කීවේය.


සමහරවිට උන්වහන්සේ හැරී ඇවිත් තැවී, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඔප්පුකිරීමට ආහාර පූජාවක්ද පාන පූජාවක්ද අඩංගුවූ ආශීර්වාදයක් දීලා යනවා ඇද්දෝයි දන්නේ කවුද?


ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.


නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.


එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔබ කළ මේ දේ මොකද? ළදරුවා ජීවත්ව සිටියදී ඔබ ඔහු ගැන නිරාහාරව ඇඬුවෙහිය; නුමුත් ළදරුවා මැරුණු විට ඔබ නැගිට කෑම කෑයෙහියයි කීවෝය.


අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්