Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 12:19 - Sinhala Revised Old Version

19 නුමුත් දාවිත් තමාගේ මෙහෙකරුවන් කොඳුරනවා දැක ළදරුවා මැරුණු බව ඔහුට දැනී: ළදරුවා මැරුණාදැයි මෙහෙකරුවන්ගෙන් ඇසීය. මැරුණායයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත්, දාවිත් තමාගේ මෙහෙකරුවන් රහසින් කතා කරනු දැක, දරුවා මළ බව තේරුම්ගෙන, “ළදරුවා මැරුණේ දැ”යි මෙහෙකරුවන්ගෙන් ඇසී ය. ඔව්හු ද, “ළදරුවා මැරුණේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, දාවිත් තමාගේ මෙහෙකරුවන් රහසින් කතා කරනු දැක, දරුවා මළ බව තේරුම්ගෙන, “ළදරුවා මැරුණේ දැ”යි මෙහෙකරුවන්ගෙන් ඇසී ය. ඔව්හු ද, “ළදරුවා මැරුණේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:19
4 හුවමාරු යොමු  

සත්වෙනිදා ළදරුවා මැරුණේය. දාවිත්ගේ සේවකයෝ ළදරුවා මැරුණු බව ඔහුට දන්වන්ට භයවූහ. මක්නිසාද: ළදරුවා ජීවත්ව සිටියදී අප ඔහුට කථාකළ විට ඔහු අපේ හඬට ඇහුම්කන්දුන්නේ නැත. ඉදින් දැන් ළදරුවා මැරුණ බව ඔහුට කීවොත් තමාටම යම් අනතුරක් කරනොගන්නේදැයි ඔව්හු කීවෝය.


එවිට දාවිත් බිමින් නැගිට නා තෙල්ගාගන, තමාගේ වස්ත්‍ර මාරුකර, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වී නමස්කාරකොට, පසුව තමාගේ ගෙට ආයේය; තවද ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්ට කියා ඉල්ලා කෑම අනුභවකෙළේය.


අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් රජ සැනසී සිටි බැවින් ඔහු අබ්සලොම් ළඟට යන්ට ඉතා ආශාවිය.


තවද, සහෝදරයෙනි, බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්