Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:17 - Sinhala Revised Old Version

17 ඔහු බිමෙන් නැගුටුවන්ට ඔහුගේ ගෙදර වැඩිමහල්ලෝ නැගිට ඔහු ළඟ සිටියෝය. එහෙත් ඔහු කැමතිවුණේ නැත, ඔවුන් සමඟ කෑම කෑවෙත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔහු බිමෙන් නැඟුටුවන්නට ඔහුගේ ගෙදර වැඩිහිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත්, ඔහු නැඟිටින්නට කැමැති නො‍ වී ය. ඔවුන් සමඟ කෑම කෑවේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔහු බිමෙන් නැඟුටුවන්නට ඔහුගේ ගෙදර වැඩිහිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත්, ඔහු නැඟිටින්නට කැමැති නො‍ වී ය. ඔවුන් සමඟ කෑම කෑවේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:17
7 හුවමාරු යොමු  

දවහල් ව තිබියදීම දාවිත්ට කෑම කන්ට සලස්වන පිණිස මුළු සෙනඟ ආවෝය; නුමුත් දාවිත්: මා විසින් රොටිවත් වෙන කිසි දෙයක්වත් ඉර බහින තෙක් කටට ගත්තොත් දෙවියන්වහන්සේ එසේමත් ඊට වැඩියත් මට කරනසේක්වයි කියා දිවුළේය.


නුමුත් ඔහු අකැමැතිව: මම නොකමියි කීය. නුමුත් ඔහුගේ සේවකයෝද ඒ ස්ත්‍රීද ඔහුට පෙරැත්තකළ නිසා ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී බිමින් නැගිට ඇඳේ හිඳගත්තේය.


ආබ්‍රහම්ද තමා සන්තක සියල්ලට මූලිකකම් කළාවූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කථාකොට:


සත්වෙනිදා ළදරුවා මැරුණේය. දාවිත්ගේ සේවකයෝ ළදරුවා මැරුණු බව ඔහුට දන්වන්ට භයවූහ. මක්නිසාද: ළදරුවා ජීවත්ව සිටියදී අප ඔහුට කථාකළ විට ඔහු අපේ හඬට ඇහුම්කන්දුන්නේ නැත. ඉදින් දැන් ළදරුවා මැරුණ බව ඔහුට කීවොත් තමාටම යම් අනතුරක් කරනොගන්නේදැයි ඔව්හු කීවෝය.


මාගේ සිත තණකොළ මෙන් තැළී වියළී තිබේ; මක්නිසාද ආහාර ගැනීම මට මතක නැතිවෙයි.


එකල රජ තමාගේ මාළිගාවට ගොස්, නිරාහාරයෙන් රාත්‍රිය පසුකෙළේය. තූර්යභාණ්ඩ ඔහු ඉදිරියට නොගෙනාවෝය. ඔහුගේ නින්දත් ඔහුගෙන් පහවගියේය.


ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමති වී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්