Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 11:4 - Sinhala Revised Old Version

4 දාවිත් පණිවිඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේය; ඈ ඔහු ළඟට ආවාය, ඔහු ඈ සමඟ සයනය කෙළේය. (ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදුවී සිටියාය.) ඈ තමාගේ ගෙදරට හැරී ගියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 දාවිත් පණිවුඩකාරයන් යවා ඈ ගෙන්වාගත්තේ ය. ඈ ඔහු ළඟට ආවා ය. ඔහු ඈ සමඟ සේවනයෙහි යෙදිණි; ඒ අවස්ථාවේ දී ඈ තමාගේ අපවිත්‍රකමින් පිරිසිදු වූවා පමණකි. ඈ සිය ගෙදරට පෙරළා ගියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:4
13 හුවමාරු යොමු  

ස්ත්‍රියෙක් මාසේ මාරුවී අපවිත්‍රව සිටින තුරු ඇගේ නග්නභාවය හැරීමට ඈ කරා නොපැමිණෙන්න.


මිථ්‍යාචාරික ස්ත්‍රියෙකුගේ මාර්ගයත් එසේමය; ඈ කාලා කට පිහදමා: මම දුෂ්ටකමක් නොකෙළෙමියි කියන්නීය.


නුඹ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්‍යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය.


මින් පසු යෝසෙප්ගේ ස්වාමිහුගේ භාර්යාව ඔහු කෙරෙහි ඇස් හෙළා: මා සමඟ සයනයකරන්නැයි කීවාය.


ශුක්‍රධාතුව වැගිරීම ඇති පුරුෂයෙක් ස්ත්‍රියෙක් සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනම වතුර නාගත යුතුය, ඔව්හු සවස දක්වාද අපවිත්‍රව සිටින්නෝය.


මක්නිසාද නුඹ ඒක රහසින්කෙළහිය. නුමුත් මම සියලු ඉශ්‍රායෙල්වරුන්ද සූර්යයාද ඉදිරියෙහි මේ දේ කරවන්නෙමියි කියනසේකැයි කීවේය.


එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය.


කාමමිථ්‍යාචාරය නොකරව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්