Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 11:16 - Sinhala Revised Old Version

16 යෝවාබ් නුවර රැක සිටියදී, වික්‍රමාන්විත මනුෂ්‍යයන් සිටින බව ඔහු දන්න ස්ථානයෙහි උරියා සිටෙව්වේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජෝවාබ් නුවර වටලා සිටිය දී වීරවන්ත මිනිසුන් සිටින බව ඔහු දැන සිටි ස්ථානයේ උරියා සිටෙවුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජෝවාබ් නුවර වටලා සිටිය දී වීරවන්ත මිනිසුන් සිටින බව ඔහු දැන සිටි ස්ථානයේ උරියා සිටෙවුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 11:16
13 හුවමාරු යොමු  

පේතෘස්ද ප්‍රේරිතයෝද උත්තරදෙමින්: මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.


එප්‍රායිම් කැමැත්තෙන්ම හිස්කම පස්සේ ගිය බැවින් ඔහු විනිශ්චයට යටවී පොඩිවන්නේය.


ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති.


එවිට ඔහු දෙවෙනි වර ඔවුන්ට ලියුමක් ලියා: නුඹලා මාගේ පක්ෂයට සිට මාගේ හඬට ඇහුම්කන් දෙනවා නම්, නුඹලාගේ ස්වාමියාගේ පුත්‍රවූ මනුෂ්‍යයන්ගේ හිස් රැගෙන හෙට මේ වේලාවට මා ළඟට යෙස්‍රෙයෙල්ට එන්නැයි කියා හැරියේය. රජුගේ පුත්‍රයන් හැත්තෑදෙනා වනාහි ඔවුන් ඇතිදැඩිකළ නුවර මුලාදෑනීන් වෙත සිටියෝය.


තවද ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් විසින් මට කළ දේ, එසේය, ඉශ්‍රායෙල් සේනාවල අධිපතීන් දෙදෙනාවූ නේර්ගේ පුත්‍රවූ අබ්නේර්ටත් යෙතෙර්ගේ පුත්‍රවූ අමාසාටත් කළ දේ නුඹ දන්නෙහිය; ඔහු ඔවුන් මරා සමාදාන කාලයේදී යුද්ධ ලේ වගුරුවා තමාගේ ඉඟටියෙහි තිබුණු පටිය පිටත් තමාගේ පාදවල තිබුණු වහන් පිටත් යුද්ධ ලේ දමාගත්තේය.


යෙරුබ්බෙෂෙත්ගේ පුත්‍රවූ අබිමෙලෙක් මරනලද්දේ කා විසින්ද? තේබේශ්හිදී ස්ත්‍රියෙක් පවුරේ සිට ඔහු පිටට ඇඹරුම් ගලක උඩ පළුව හෙළා ඔහු මැරුවා නොවේද? නුඹලා එපමණ පවුරට ළංවුණේ මක්නිසාදැයි නුඹට කීවොත්–ඔබගේ සේවකයාවූ හිත්තීය උරියාද මළේයයි කියන්නැයි ඔහුට අණකෙළේය.


අබ්නේර් හෙබ්‍රොන්ට හැරී ආකල යෝවාබ් ඔහු සමඟ රහසින් කථාකරන්ට දොරටුවේ පැත්තකට කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේය. එසේ කළේ තමාගේ සහෝදරවූ අසාහෙල්ගේ ලේ සඳහාය. ඔහු මළේය.


ඒ ලියුමේ ලිව්වේ: සටන ඉතා බලවත්ව තිබෙන තැන පෙරමුණේම උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වෙන්නය කියාය.


නුවර මනුෂ්‍යයෝ පිටතට ඇවිත් යෝවාබ් සමඟ යුද්ධකළෝය. එවිට සෙනඟගෙන් එනම් දාවිත්ගේ සේවකයන්ගෙන් සමහරෙක් වැටුණෝය; හිත්තීය උරියාද මැරුම් කෑවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්