Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 10:5 - Sinhala Revised Old Version

5 ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බවෙන්ට මිනිසුන් ඇරියේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පැමිණ සිටියෝය. නුඹලාගේ රැවුල් වැඩෙන කල් යෙරිකෝවෙහි නැවතී සිට පසුව හැරී එන්නැයි රජ කියා ඇරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බ වන පිණිස මිනිසුන් යැවී ය. මන්ද, ඒ මිනිස්සු බොහෝ සෙයින් ලජ්ජාවට පැමිණ සිටියහ. “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවේ නැවතී සිට පසුව හැරී එන්නැ”යි රජ කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බ වන පිණිස මිනිසුන් යැවී ය. මන්ද, ඒ මිනිස්සු බොහෝ සෙයින් ලජ්ජාවට පැමිණ සිටියහ. “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවේ නැවතී සිට පසුව හැරී එන්නැ”යි රජ කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 10:5
6 හුවමාරු යොමු  

මිනිස්සු ඇවිත් ඒ මනුෂ්‍යයන් ගැන දාවිත්ට දැන්නූහ. එවිට ඔවුන් සම්බවෙන්ට ඔහු මිනිසුන් යැවුවේය; මක්නිසාද ඒ මනුෂ්‍යයෝ බොහෝසෙයින් ලජ්ජාවට පත්ව සිටියෝය. රජ: නුඹලාගේ රැවුල් වැඩෙනකල් යෙරිකෝවෙහි නැවතී පසුව එන්නැයි කියා හැරියේය.


ඔහුගේ කාලයේදී බෙතෙලීය හීයෙල් විසින් යෙරිකෝව ගොඩනගනලද්දේය. ස්වාමීන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ලෙස ඔහු ඒකේ අත්තිවාරම දමන විට ඔහුගේ කුලුඳුළාවූ අබීරාම්ද ඔහු ඒකේ දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත්‍රවූ සෙගුබ්ද නැසුණෝය.


එබැවින් හානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා ඔවුන්ගේ රැවුලෙන් බාගයක් බූගා දමා, තට්ටම් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා, ඔවුන් යන්ට ඇරියේය.


තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය.


යෙරිකෝව ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්