Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 10:16 - Sinhala Revised Old Version

16 හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝබාද හේලාම්ට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 10:16
7 හුවමාරු යොමු  

සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක පණිවිඩකාරයන් යවා ගංගාවට එගොඩින් සිටි සිරියවරුන් ගෙන්වාගත්තෝය. හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝපාක් ඔවුන්ට පෙරටුව ආවේය.


දමස්කයේ සිරියවරු ශෝබාහි රජවූ හදර්එසෙර්ට උපකාරකරන්ට ආවෝය. එවිට දාවිත් සිරියවරුන්ගෙන් මනුෂ්‍යයන් විසිදෙදහසකට පහරදී,


තවද ශෝබාහි රජවූ හදර්එසෙර් ප්‍රාත් ගඟ ළඟ තමාගේ බලය පිහිටුවන්ට යද්දී, දාවිත් හමාත් දක්වා ඔහුට පහරදී,


සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය.


එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩවී හේලාම්ට ගියේය.


දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසෙර් වෙතින් පලාගියාවූ එලියාදාගේ පුත්‍රවූ රෙසොන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්