Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 9:28 - Sinhala Revised Old Version

28 ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් යෙරුසලමට ගෙනගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන්ගෙයි තැන්පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් ජෙරුසලමට ගෙන ගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන් ගෙයි තැන්පත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔහුගේ සේවකයෝ ඔහු රථයකින් ජෙරුසලමට ගෙන ගොස් දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් සමඟ ඔහුගේ සොහොන් ගෙයි තැන්පත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:28
9 හුවමාරු යොමු  

ඔහුගේ සේවකයෝ රථයෙන් ඔහු රැගෙන ඔහුගේ දෙවෙනි රථයට නංවාගන යෙරුසලමට ආවෝය; ඔහු මැරී තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත්කරනලද්දේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද යොෂියා ගැන වැලපුණාහ.


ඔහුගේ සේවකයෝ මළාවූ ඔහු රථයකින් මෙගිද්දෝ සිට යෙරුසලමට ගෙනවුත් ඔහුගේම සොහොන්ගෙයි ඔහු තැන්පත්කෙළෝය. එවිට දේශයේ සෙනඟ යොෂියාගේ පුත්‍රවූ යෙහෝවාහාස් කැඳවාගන ආලේපකොට ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත්කළෝය.


අශ්වයන් පිට තබා ගෙනවුත්, දාවිත්ගේ නුවර ඔහුගේ පියවරුන් ළඟ ඔහු තැන්පත්කළෝය.


එහි සිටි උස්තැන්වල සියලු පූජකයන්ද පූජාසන පිට මරා, ඒවා පිට මිනී ඇට පුලුස්සා, ඔහු යෙරුසලමට හැරී ආවේය.


ඔහුගේ සේවකයෝ වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ යෝසාඛාර්ද ෂොමෙර්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ද ඔහුට පහරදී මැරුවෝය; ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝය. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.


ඔහු අහසියා සොයා ගියේය, ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්වා යේහු ළඟට ගෙනවුත් මැරුවෝය; තවද ඔව්හු කථාකොට: මොහු වනාහි තමාගේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ සෙවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රයායයි කියා ඔහු තැන්පත් කළෝය. රාජ්‍යය පවත්වාගන්ට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.


පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය.


යෝරාම් තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවරුන් සමඟ දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්