Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 9:26 - Sinhala Revised Old Version

26 එනම්: සැබවින් නාබොත්ගේද ඔහුගේ පුත්‍රයන්ගේද ලේ ඊයේ දුටුවෙමියි ස්වාමීන්වහන්සේ වදාරනසේක. තවද මම මේ බිම් කොටසේදී නුඹට ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. එබැවින් ඔහු රැගෙන ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස මේ බිම් කොටසෙහි දමන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එනම්, සැබැවින් නාබොත්ගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ලේ ඊයේ දුටුවෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. තවද, මම මේ කෙතේ දී ඔබට විපාක දෙන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. එබැවින් ඔහු රැගෙන සමිඳාණන් වහන්සේ වදාළ ලෙස මේ කෙතෙහි දමන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එනම්, සැබැවින් නාබොත්ගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ලේ ඊයේ දුටුවෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. තවද, මම මේ කෙතේ දී ඔබට විපාක දෙන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. එබැවින් ඔහු රැගෙන සමිඳාණන් වහන්සේ වදාළ ලෙස මේ කෙතෙහි දමන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:26
12 හුවමාරු යොමු  

නුමුත්: ඒ කොහොමද? පුත්‍රයා පියාගේ අයුතුකම නොදරන්නේ මක්නිසාදැයි නුඹලා කියන්නහුය, පුත්‍රයා යුක්තියද ධර්මිෂ්ඨකමද කොට, මාගේ සියලු පනත් පවත්වා, ඒවා කර තිබේ නම්, ඔහු සැබවින්ම ජීවත්වන්නේය.


නුමුත්: දරුවන් නිසා පියවරුවත් පියවරුන් නිසා දරුවෝවත් මරනු නොලබත්වා, එක එකා තම තමාගේම පාපය නිසා මරනු ලබාවයි කියා ස්වාමීන්වහන්සේ අණකළ ලෙස, මෝසෙස්ගේ පොතේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන පරිද්දෙන් ඔහු ඔවුන්ගේ දරුවන් නොමරා හැරියේය.


ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය.


නුඹ ඔහුට කථාකොට–නුඹ මිනීමරා අයිතිකරගත්තෙහිදැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න. තවද–බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙවකෑවෝද එතැන්හිදී බල්ලෝ නුඹේ ලේ, එසේය නුඹේ ලේත් ලෙවකන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක.


දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවන්නන්ගේ තුන්වෙනි හතරවෙනි පරම්පරා කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


දුර්ජන මනුෂ්‍යයන් දෙදෙනෙක් ඇවිත් ඔහු ඉදිරියෙහි හිඳ: නාබොත් දෙවියන්වහන්සේටත් රජුටත් ශාපකෙළේයයි සෙනඟ ඉදිරියේ නාබොත්ට විරුද්ධව සාක්ෂි දැරුවෝය. එවිට ඔව්හු ඔහු නුවරින් පිටතට ගෙනගොස් ගල්ගසා මරා:


යෝරාම්ද: රථය සූදානම්කරන්නැයි කීවේය. ඔව්හු ඔහුගේ රථය සූදානම් කළෝය. ඉශ්‍රායෙල් රජවූ යෝරාම්ද යූදාහි රජවූ අහසියාද තම තමාගේ රථයට නැගී පිටත්වී යේහුගේ පෙරමගට ගොස්, යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසේදී ඔහුට සම්මුඛවුණෝය.


එවිට යේහු තමාගේ අධිපතියාවූ බිද්කර්ට කථාකොට: ඔහු රැගෙන යෙස්‍රෙයෙලිය නාබොත්ගේ බිම් කොටසෙහි දමන්න. මක්නිසාද මාත් නුඹත් එක්ව ඔහුගේ පියවූ ආහබ් පස්සෙන් අසුන් පිට යන විට ස්වාමීන්වහන්සේ ඔහුට විරුද්ධව කී තීරණ-වාක්‍යය සිහිකරන්න;


බොහෝ ජනයන් සිඳදැමීමෙන් නුඹේ වංශයට ලජ්ජාව පැමිණෙන ලෙස නුඹ මන්ත්‍රණයකොට නුඹේම ප්‍රාණයට විරුද්ධව පව්කෙළෙහිය.


මා විසින් ඔබගේ ප්‍රශංසා සියල්ල ප්‍රකාශකරන පිණිසද, සියොන් දුවගේ දොරටුවලදී ඔබගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන පිණිසද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්