Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 8:28 - Sinhala Revised Old Version

28 ඔහු ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාල කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔහු ආහබ්ගේ පුත් ජෝරාම් සමඟ සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධ කරන්නට ගියේ ය. සිරියන්වරු ජෝරාම්ට තුවාළ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔහු ආහබ්ගේ පුත් ජෝරාම් සමඟ සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධ කරන්නට ගියේ ය. සිරියන්වරු ජෝරාම්ට තුවාළ කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 8:28
18 හුවමාරු යොමු  

ඔහුත් ඔවුන්ගේ මන්ත්‍රණය ලෙස හැසිර, ආහබ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාලකළෝය.


නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.


රථාධිපතීහු යෙහෝෂාපාට් දුටු විට: මොහු ඉශ්‍රායෙල් රජය කියා ඔහුට විරුද්ධව සටන්කරන්ට ඔහු වටකරගත්තෝය. එවිට යෙහෝෂාපාට් මොරගැසීය, ස්වාමීන්වහන්සේ ඔහුට පිහිටවී ඔහු වෙතින් ඔවුන් අහක්කෙරෙවුසේක.


නුමුත් යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධකරන අතර සිරියවරුන් විසින් තමාට කළ තුවාල සුවකරගන්න පිණිස යෙස්‍රෙයෙල්ට හැරී ඇවිත් සිටියේය. තවද යේහු: නුඹලා කැමතිනම් යෙස්‍රෙයෙල්ට ගොස් දන්වන පිණිස නුවරින් කාටවත් ගැළවී යන්ට ඉඩනොදෙන්න කියා,


පසුවදා ඔහු දළ රෙද්දක් ගෙන වතුරේ ගල්වා ඔහුගේ මුහුණ පිට එළා තැබුවේය, එයින් ඔහු මැරුණේය. හසායෙල් ඔහු වෙනුවට රජ වුණේය.


තවද ඔහු ගොස් යූදාහි රජවූ යෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින්: මෝවබ්හි රජ මට විරුද්ධව කැරළිගැසුවේය, ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද: යන්නෙමි. මම ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි කීවේය.


මෙසේ ඉශ්‍රායෙල් රජද යූදාහි රජවූ යෙහෝෂාපාට්ද රාමොත්-ගිලියද්ට ගියෝය.


හසායෙල්ගේ කඩුවෙන් ගැළවෙන අය යේහු මරන්නේය. යේහුගේ කඩුවෙන් ගැළවෙන අය එලිෂා මරන්නේය.


රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.


ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද


යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධ කරද්දී රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හි සුවකර ගන්නා පිණිස හැරී ආවේය. යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් රෝගාතුරව සිටිය නිසා ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.


අනාගතවක්තෘවූ එලිෂා ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුට අඬගසා: නුඹ ඉඟටිය බැඳගෙන මේ තෙල් කුලාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.


මෙසේ නිම්ෂීගේ පුත්‍රවූ යෙහෝෂාපාට්ගේ පුත්‍රවූ යේහු යෝරාම්ට විරුද්ධව කුමන්ත්‍රණයකෙළේය. (එකල යෝරාම්ද සියලු ඉශ්‍රායෙල්වරුද සිරියේ රජවූ හසායෙල් නිසා රාමොත්-ගිලියද් මුරකරමින් සිටියෝය.)


යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය.


රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය; මක්නිසාද යෝරාම් එහි ඔත්පළව උන්නේය. යූදාහි රජවූ අහසියාද යෝරාම් බලන්ට එහි ඇවිත් සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්