Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 5:26 - Sinhala Revised Old Version

26 එලිෂා: ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස නුඹ සම්බවෙන්ට හැරී ආ විට මාගේ ආත්මය නුඹ සමඟ ගියේ නැද්ද? මේක මුදල් පිළිගන්ටත් ඇඳුම්ද ඔලීවවතුද මිදිවතුද බැටළුවන්ද ගවයන්ද දාස දාසීන්ද පිළිගන්ටත් වේලාවක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 5:26
18 හුවමාරු යොමු  

මක්නිසාද මම මාංසාකාරයෙන් ඈත්ව සිටින නුමුත්, ආත්මයෙන් නුඹලා සමඟ සිට, නුඹලාගේ පිළිවෙළත් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තිබෙන නුඹලාගේ ඇදහිල්ලේ ස්ථිරකමත් බලමින් ප්‍රීතිවෙමි.


සැබවින් මම ශරීරයෙන් දුරුව සිටිම් නුමුත් ආත්මයෙන් ළංව සිට, ළඟ සිටියාක්මෙන්ම මේ දේ මෙසේ කළ තැනැත්තා විනිශ්චය කෙළෙමි.


ඔහුගේ සේවකයන්ගෙන් එක්කෙනෙක්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවනි, එසේ නොවේ. ඔබගේ යහන් ගබඩාවේදී ඔබ කියන වචන ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘවූ එලිෂා, ඉශ්‍රායෙල් රජුට දන්වන්නේයයි කීවේය.


මෙසේ වැඩකරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමියි කීවේය.


රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න.


බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය.


සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.


නුමුත් රජතෙමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවන්නේය. උන්වහන්සේ ගැන දිවුරන සියල්ලෝ ප්‍රීති ප්‍රකාශකරන්නෝය; මක්නිසාද බොරු කියන්නන්ගේ කට පියනු ලබන්නේය.


ඔහුද: මා සේවයකරන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම කිසිවක් පිළිනොගනිමියි කීවේය. එවිට ඔහු එය පිළිගන්න හැටියට ඔහුට පෙරැත්ත කෙළේය; එහෙත් ඔහු නොකැමති විය.


නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් නුඹ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි;


කිසිවෙකුගේ රිදීයටවත් රනටවත් ඇඳුම්වලටවත් ආශා නොවීමි.


එවිට පේතෘස් ඈට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් පරීක්ෂාකරන්ට නුඹලා එකඟවෙන්ට යෙදුණේ කොහොමද? අන්න, නුඹේ පුරුෂයා වැළලූ අයගේ පාද දොර ළඟය, ඔව්හු නුඹද පිටතට ගෙනයන්නෝයයි ඈට කීවේය.


නුඹටම මහත් දේවල් ලබාගන්නට නුඹ සොයන්නෙහිද? එසේ නොසොයන්න. මක්නිසාද මාංසමයවූ සියල්ලන් පිටට විපත්තිය පමුණුවමි. නුමුත් නුඹ යන්නාවූ සියලුම ස්ථානවලදී නුඹේ ප්‍රාණය කොල්ලයක් කොට නුඹට දෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල්වල වාසයකිරීමට නුඹලාට මෙය නිසි කාලයද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්