Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:42 - Sinhala Revised Old Version

42 තවද බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් රොටිද යව රොටි විස්සක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙතට ගෙනාවේය. ඔහුද: සෙනඟට කන්ට දෙන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

42 තවද, බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් යව රොටි විස්සක් ද අලුත් ගොයම් කරල් ද තමාගේ මල්ලේ දමාගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වෙත ගෙනාවේ ය. ඔහු ද, “සෙනඟට කන්න දෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 තවද, බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් යව රොටි විස්සක් ද අලුත් ගොයම් කරල් ද තමාගේ මල්ලේ දමාගෙන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වෙත ගෙනාවේ ය. ඔහු ද, “සෙනඟට කන්න දෙන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:42
22 හුවමාරු යොමු  

එවිට සාවුල් තමාගේ වැඩකාරයාට කථාකොට: යනවානම් අපි ඒ මනුෂ්‍යයාට කුමක් ගෙනයමුද? මක්නිසාද අපේ භාජනවල තිබුණ කෑම කම්මුතුවිය, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙනයන්ට කිසි තෑග්ගක් නැත්තේය. අප ළඟ කුමක් තිබේදැයි කීවේය.


මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි පහෙන් ඉතිරිවූ කැබෙලි එකතුකොට පැස් දොළොසක් පුරවාගත්තෝය.


යව රොටි පහක්ද කුඩා මසුන් දෙදෙනෙක්ද ඇති ළමයෙක් මෙහි සිටියි. නුමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය.


එවිට එලිෂා කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න–හෙට මේ වේලාවට පමණ ෂෙකෙලයකට සිහින් පිටි මිම්මක්ද ෂෙකෙලයකට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.


ඔහු එප්‍රායිම් කඳු රටෙහිද ෂාලිෂා රටෙහිද ඇවිද්ද නුමුත් උන් සම්බවුණේ නැත. ඔව්හු ෂාලීම් රටෙහිත් ඇවිද්දෝය, උන් එහිත් නැති බැවින් ඔහු බෙන්යමින් රටෙහිද ඇවිද්දේය. නුමුත් ඔවුන්ට උන් සම්බවුණේ නැත.


අපි නුඹලාට ආත්මික දේ වපුළෙමු නම්, නුඹලාගේ මාංසික දේ කැපීම මහත් දෙයක්ද?


එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.


දීකිරිවලින් සහ බැටළු කිරිවලින්ද බැටළුපැටවුන්ගෙත් බාෂාන්හි බැටළුවන්ගෙත් එළුවන්ගෙත් තෙලින්ද තිරිඟු ඇටවල තරකමින්ද ඔහු පෝෂණය කළසේක; මුද්‍රික ඵලවල ලේ වන පානයද නුඹ බීවෙහිය.


නුඹලාගේ දවන පූජාද යාග පූජාද දසයෙන් කොටස්ද නුඹලාගේ අතෙහි එසවීම් පූජාවද නුඹලාගේ බාරද නුඹලාගේ ස්වෙච්ඡා පූජාද නුඹලාගේ ගවයන්ගෙත් එළු බැටළුවන්ගෙත් කුලුඳුලන්ද එහි ගෙනවුත්,


එය තිරිඟුද යවද මුද්‍රික වැල්ද අත්තික්කා ගස්ද දෙළුම් ගස්ද ඇති දේශයක්ය; තෙල් ඔළීවද මීපැණිද ඇති දේශයක්ය;


නුඹ කෙතෙහි වපුරන බීජවල ප්‍රථම ඵල ඔප්පුකිරීමට කපන කාලයේ මංගල්‍යයද අවුරුද්ද අන්තිමේදී කෙතෙන් නුඹේ අස්වැන්න රැස්කළ කල්හි රැස්කිරීමේ මංගල්‍යයද පවත්වන්න.


වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා.


නුඹේ අතින් රොටි දසයක්ද බැදපු කැවුම්ද මීපැණි භාජනයක්ද රැගෙන ඔහු ළඟට යන්න. ළමයාට මක්වේද කියා ඔහු නුඹට දන්වනවා ඇතැයි කීවේය.


සිරියේ රජද: ඉතින් නුඹ එහි යන්න, මම ඉශ්‍රායෙල් රජුට ලියුමක් හරින්නෙමියි කීවේය. ඔහු රිදී තලෙන්ත දසයකුත් රන් ෂෙකෙල් හදාහකුත් ඇඳුම් කුට්ටම් දසයකුත් රැගෙන පිටත්ව ගියේය.


තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම නුඹට දුනිමි.


ඔවුන් ස්වාමීන්වහන්සේට ගෙනෙන්නාවූ ඔවුන්ගේ දේශයෙහි තිබෙන සියලු දේවල ප්‍රථම ඵල නුඹට වේ; නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්