Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 4:14 - Sinhala Revised Old Version

14 එසේවීනම් ඈ උදෙසා කරන්ට තිබෙන්නේ කිමෙක්දැයි ඔහු ඇසුවේය. ගෙහාසී: ඈට පුත්‍රයෙක් නැත; ඇගේ පුරුෂයාත් මහලුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 “එසේ වී නම් ඈ උදෙසා කරන්න තිබෙන්නේ කිමෙක් දැ”යි ඔහු ඇසී ය. ගෙහාසී කතා කොට, “ඈට පුත්‍රයෙක් නැත, ඇගේ පුරුෂයාත් මහලු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 “එසේ වී නම් ඈ උදෙසා කරන්න තිබෙන්නේ කිමෙක් දැ”යි ඔහු ඇසී ය. ගෙහාසී කතා කොට, “ඈට පුත්‍රයෙක් නැත, ඇගේ පුරුෂයාත් මහලු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 4:14
11 හුවමාරු යොමු  

එලිසබෙත් වඳ බැවින් ඔවුන්ට දරුවෙක් නොවීය, ඔවුන් දෙදෙනාම වයස්ගතව සිටියෝය.


එවිට ඇගේ පුරුෂයාවූ එල්කානා ඈට කථාකොට: හන්නා, නුඹ අඬන්නේ මන්ද? නොකා සිටින්නේ මන්ද? නුඹේ සිත ශෝකව තිබෙන්නෙත් මක්නිසාද? මා පුත්‍රයන් දසදෙනෙකුට වඩා නුඹට හොඳ නැද්දැයි කීවේය.


දාන්ගේ වංශයට අයිතිවූ ශොරාහි එක්තරා මනුෂ්‍යයෙක් විය, ඔහුගේ නම මානෝවාය; ඔහුගේ භාර්යාව වඳව දරුවන් නොලැබ සිටියාය.


ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය.


ඔහුට භාර්යාවන් දෙදෙනෙක් වූවෝය; එක් තැනැත්තියකගේ නම හන්නාය, අනික් තැනැත්තියගේ නම පෙනින්නාය. පෙනින්නාට දරුවෝ සිටියෝය, නුමුත් හන්නාට දරුවෝ නොසිටියෝය.


තමා යාකොබ්ට දරුවන් බිහිනොකළ බව රාඛෙල් දුටු කල ඇගේ සහෝදරීට ඊර්ෂ්‍යාකොට: මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමියි යාකොබ්ට කීවාය.


එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.


එලිෂාද කථාකොට: මේ සියලු සැලකිලිවලින් නුඹ අප ගැන සැලකුවෙහිය; නුඹ උදෙසා කුමක් කටයුතුද? රජුට හෝ සේනාපතියාට හෝ නුඹ වෙනුවට කථාකරනවාට කැමතිද කියා ඇගෙන් අසන්නැයි ගෙහාසීට කීවේය. ඈද: මාගේම සෙනඟ අතරේ වාසයකරමියි උත්තරදුන්නාය.


ඈට අඬගසන්නැයි ඔහු කීය. ඔහු ඈට අඬගැසූ කල ඈ දොරකඩ ළඟට ආවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්