Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 රාජාවලිය 3:6 - Sinhala Revised Old Version

6 යෙහෝරාම් රජද ඒ කාලයේ සමාරියෙන් පිටත්ව ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කොට ගණන්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ජොරාම් රජ ද ඒ කාලයේ සමාරියෙන් පිටත් ව ගොස් සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ජොරාම් රජ ද ඒ කාලයේ සමාරියෙන් පිටත් ව ගොස් සියලු ඉශ්රායෙල්වරුන් රැස් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 3:6
6 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ රැස්කරනු ලැබුවෝය, ඔව්හු ආහාර ලැබ ඔවුන්ට විරුද්ධව ගියෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුඩා එළු රැළවල් දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියෝය; නුමුත් සිරියවරුන්ගෙන් දේශය පිරී තිබුණේය.


නුමුත් ආහබ් මැරුණු කල මෝවබ්හි රජ ඉශ්‍රායෙල් රජුට විරුද්ධව කැරළිගැසීය.


තවද ඔහු ගොස් යූදාහි රජවූ යෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින්: මෝවබ්හි රජ මට විරුද්ධව කැරළිගැසුවේය, ඔබ මා සමඟ මෝවබ්වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද: යන්නෙමි. මම ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි කීවේය.


ඔහු බෙශෙක්හිදී ඔවුන් ගණන්කෙළේය; ඉශ්‍රායෙල් පුත්‍රයන් තුන් ලක්ෂයක්ද යූදා මනුෂ්‍යයන් තිස්දාහක්ද සිටියෝය.


සාවුල් සෙනඟ එකතුකරවා තෙලායිම්හිදී ඔවුන් ගණන්කෙළේය, පාබළ සෙනඟ දෙලක්ෂයක්ද යූදා මනුෂ්‍යයෝ දසදහසක්ද සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්