Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 25:5 - Sinhala Revised Old Version

5 එහෙත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස් යෙරිකෝවේ සමභූමිවලදී ඔහු කිට්ටුකර ආවෝය. ඔහුගේ මුළු සේනාවද ඔහු වෙතින් විසිර ගියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එහෙත්, කල්දිවරුන්ගේ සේනාව රජු පසුපස්සේ එලවාගෙන ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු කිට්ටු කර ආවෝ ය. ඔහුගේ මුළු සේනාව ද ඔහු වෙතින් විසිර ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහෙත්, කල්දිවරුන්ගේ සේනාව රජු පසුපස්සේ එලවාගෙන ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු කිට්ටු කර ආවෝ ය. ඔහුගේ මුළු සේනාව ද ඔහු වෙතින් විසිර ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 25:5
14 හුවමාරු යොමු  

නුමුත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංව, ඔහු අල්ලාගත්තේය; ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියේය.


නමුත් කල්දිවරුන්ගේ සේනාව ඔවුන් පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංවී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ළඟට ඔහු ගෙනගියෝය, ඔහුද ඔහු ගැන තීන්දුව දුන්නේය.


නරකක්ම නිසා කන්ට බැරි තරම් නරකව තිබෙන අත්තික්කා මෙන් මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද මේ දේශයේ ඉතුරුව සිටින යෙරුසලමේ ඉතිරි අයද මිසර දේශයෙහි වසන්නන්ද අහකදමන්නෙමි.


එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍රවන්නෝය.


එකල නුවර අසුවී කල්දිවරුන් නුවර වටකර සිටිද්දී, සියලු යුද්ධකාරයෝ රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලාගියෝය. රජ අරබා සමභූමි පාරෙන් ගියේය.


ඔව්හු රජු අල්ලා බබිලෝනියේ රජු ළඟට රිබ්ලාට ගෙන ගියෝය; එවිට ඔව්හු ඔහු ගැන තීන්දුව දුන්නෝය.


ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


නුඹද ඔහුගේ අතින් නොගැළවී, සැබවින් අසුවී, ඔහු අතට දෙනු ලබන්නෙහිය; නුඹේ ඇස්ද බබිලෝනියේ රජුගේ ඇස් දකිනවා ඇත, ඔහුගේ මුඛයද නුඹේ මුඛය සමඟ කථාකරනවා ඇත, නුඹ බබිලෝනියට පැමිණෙනවා ඇත.


පීඩාව නිසාද අධික දාසකම නිසාද යූදා වහල්කමට ගියාය; ඈ මිථ්‍යාදෘෂ්ටි ජාතීන් අතරෙහි වසයි, ඈ කිසි සහනයක් නොලබයි. ඈ පස්සේ එළවාගෙනගිය හැමදෙන කඳු පාරවලදී ඈ අසුකරගත්තෝය.


සියොන් දියණියගේ මුළු මහිමශ්‍රීය ඇගෙන් පහව ගියේය. ඇගේ අධිපතීහු කෑම නොලැබූ මුවන්ට සමානවුණෝය, එළවාගෙන එන්නා ඉදිරියෙහි ඔව්හු බෙලහීනව ගියෝය.


ඔහුට උපකාරකරන පිණිස ඔහු වටකර සිටින සියල්ලන්ද ඔහුගේ සියලුම සමුදාවල්ද මම සියලු හුළං දෙසට විසුරුවා ඔවුන් පසුපස්සේ කඩුව දිගුකරන්නෙමි.


ඔහුගේ සියලු සමුදාවලින් පලායන සියල්ලන් කඩුවෙන් වැටෙනවා ඇත, ඉතිරිවෙන අය සියලු දිශාවලට විසුරුවනු ලබනවා ඇත. නුඹලාද ස්වාමීන්වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහුය.


නුඹ වනාහි ඉශ්‍රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්න:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්