Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 25:10 - Sinhala Revised Old Version

10 රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලමේ පවුරු හාත්පසින්ම බිඳ දැමුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලමේ පවුරු හාත්පසින් ම බිඳ දැමූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 25:10
9 හුවමාරු යොමු  

ඔව්හු කථාකොට: වාල්කමෙන් ඉතුරුවී ඒ රටේ සිටින්නෝ මහත් විපත්තියෙනුත් නින්දාවෙනුත් පෙළෙති. යෙරුසලමේ පවුරද කඩාදමා තිබේ, ඒකේ දොරවල්ද ගින්නෙන් දවාදමා තිබේයයි මට කීවෝය.


කල්දිවරු රජගෙය සහ සෙනඟගේ ගෙවලුත් ගිනිලා, යෙරුසලමේ පවුරු කඩාදැමුවෝය.


ඇගේ පවුරුවලට නැගී ගොස් නාස්තිකරන්න. එහෙත් තීන්දුවටම නැතිනොකරන්න. ඇගේ අතු පහකරන්න; මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේට අයිති නැත.


ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් අහසියාගේ පුත්‍රවූ යෙහෝවාෂ්ගේ පුත්‍රයා වන යූදාහි රජවූ අමශියා බෙත්-ෂෙමෙෂ්හිදී අල්ලාගෙන යෙරුසලමට ඇවිත්, එප්‍රායිම් දොරටුවේ සිට කොනේ දොරටුව දක්වා යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක් බිඳහෙලා,


දෙවියන්වහන්ස, අන්‍ය ජාතීහු ඔබගේ උරුමයට ඇතුල්වූවෝය; ඔව්හු ඔබගේ ශුද්ධ මාලිගාව අපවිත්‍ර කළෝය; යෙරුසලම ජරාවාස ගොඩවල් කළෝය.


අපේ ගොන්නු මනාසේ බර පටවනු ලබන්නෝද, බලාත්කාරයෙන් ඇතුල්වීමක්වත් පිටත යාමක්වත් නොවන්නේද, අපේ වීථිවල කෝලාහලයක්වත් නොවන්නේද,


අපේ වහල්කමේ දොළොස්වෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ පස්වෙනිදා යෙරුසලමෙන් ගැළවුණු කෙනෙක් මා ළඟට ඇවිත්: නුවර අසුවුණායයි කීය.


නුඹ විනාශවී යන තුරු ඔව්හු නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු නුඹ නැතිකරදමන තුරු නුඹට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් නුඹේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්