Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 24:15 - Sinhala Revised Old Version

15 ඔහු යෙහෝයාඛින් බබිලෝනියට ගෙනගියේය; රජුගේ මෑණියන්ද රජුගේ භාර්යාවන්ද ඔහුගේ ඇමතියන්ද දේශයේ බලවන්තයන්ද ඔහු හිරගණනට ගෙන යෙරුසලමේ සිට බබිලෝනියට ගෙනගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔහු ජෙහෝයාකින් බබිලෝනියට ගෙන ගියේ ය. රජුගේ මෑණියන් ද රජුගේ භාර්යාවන් ද ඔහුගේ ඇමතියන් ද දේශයේ බලවන්තයන් ද ඔහු පිටිවහල්කමට රැගෙන ජෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 24:15
18 හුවමාරු යොමු  

ගෙනයනු ලැබූ අය අතරේ යෙරුසලමෙන් ගෙනයනලද බෙන්යමියයෙක්වූ කීෂ්ගේ පුත්‍රයා වන ෂිමෙයිගේ පුත්‍රවූ යායිර්ගේ පුත්‍රයා වන මොර්දෙකයි නම්වූ යුදෙව්වෙක් ෂූෂන් බලකොටුවෙහි සිටියේය.


ඊළඟ අවුරුද්දේදී නෙබුකද්නෙශර් රජ ඔහු සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදරවූ ශෙදෙකියා යූදා සහ යෙරුසලම කෙරෙහි රජකොට පත්කෙළේය.


මේ කාරණා මොනවාද කියා නුඹලා දන්නේ නැද්දැයි කැරළිකාර වංශයට කියන්න. තවත් මෙසේ කියන්න: බබිලෝනියේ රජ යෙරුසලමට ඇවිත් එහි රජු සහ එහි අධිපතීන්ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙනගියේය.


යෙහෝයාඛින් දහඅට අවුරුදු වයසේදී රජවී තුන් මසක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම නෙහෂ්තාය, ඈ යෙරුසලමේ එල්නාතාන්ගේ දුවෙක්ය.


යූදාහි රජවූ යෙහෝයාඛින් ගෙනයනු ලැබ තිස්හත්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ විසිහත්වෙනිදා, බබිලෝනියේ රජවූ එවිල්-මෙරොදක් තමා රජවුණ අවුරුද්දේදී යූදාහි යෙහෝයාඛින්ගේ හිස ඔසවා, හිරගෙයින් ඔහු නිදහස්කර,


නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.


අනාගතවක්තෘවූ යෙරෙමියා විසින්, අසුවී ගියාවූ වැඩිමහල්ලන්ගෙන් ඉතුරු තැනැත්තන්ටද පූජකයන්ටද අනාගතවක්තෘවරුන්ටද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙන් බබිලෝනියට අල්ලාගන ගිය මුළු සෙනඟටද ලියා,


ඔහු රාජ වංශයේ කෙනෙක් ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු දිවුරවා, දේශයේ බලවන්තයන් ගෙනගියේය.


ඔව්හු ඌට කොකු දමා කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝය; උගේ නාදය ඉශ්‍රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝය.


රජ තමාගේ නපුංසකයන්ගේ ප්‍රධානියාවූ අෂ්පෙනස්ට කථාකොට, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් රාජ වංශයෙන්ද උත්තමයන්ගෙන්ද කැලලක් නැත්තාවූ,


නුඹ තුළින් නික්මෙන, නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයන් වන පිණිස ගනු ලබන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන් කරන්ටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙක් ඉතුරුකොට ගියේය.


බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහිදී ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය. මෙසේ යූදාවරු තමුන්ගේ ප්‍රවේණි භූමියෙන් ගෙනයනලද්දෝය.


මෙසේ මුළු ඉශ්‍රායෙල් පෙළපත් වශයෙන් ලියවුණෝය; ඒවා ඉශ්‍රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. යූදාවරු තමුන්ගේ ද්‍රෝහිකම නිසා බබිලෝනියට ගෙනයනලද්දෝය.


බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගන ගිය යූදාහි රජවූ යෙකොනියා සමඟ


නෙබුකද්රෙශර් විසින් අල්ලාගන ගිය සෙනඟ නම්: හත්වෙනි අවුරුද්දේදී යුදෙව්වරුන් තුන්දාස් විසිතුන් දෙනෙක්ය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. මහත් පියාපත්ද දිග පිහාටුද ඇත්තාවූ, පිහාටුවලින් ගැවසීගත්තාවූ, විසිතුරුවූ මහ රාජාලියෙක් ලෙබනොන්ට ඇවිත් කිහිරි ගහේ මුදුන කඩාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්