Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 23:20 - Sinhala Revised Old Version

20 එහි සිටි උස්තැන්වල සියලු පූජකයන්ද පූජාසන පිට මරා, ඒවා පිට මිනී ඇට පුලුස්සා, ඔහු යෙරුසලමට හැරී ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහි සිටි ගිරිකුළු දේවාලවල සියලු පූජකයන් ද පූජාසන පිට මරා, ඒවා පිට මිනීඇට පුළුස්සා ඔහු ජෙරුසලමට හැරී ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහි සිටි ගිරිකුළු දේවාලවල සියලු පූජකයන් ද පූජාසන පිට මරා, ඒවා පිට මිනීඇට පුළුස්සා ඔහු ජෙරුසලමට හැරී ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 23:20
11 හුවමාරු යොමු  

දේශයේ මුළු සෙනඟ බාල්ගේ ගෘහයට ගොස් ඒක කඩා, ඔහුගේ පූජාසනද රූපද මුළුමනින්ම බිඳ දමා, පූජාසන ඉදිරියෙහිදී බාල්ගේ පූජකයාවූ මත්තාන් මැරුවෝය. පූජක තෙමේ ස්වාමීන්වහන්සේගේ ගෘහය කෙරෙහි මුලාදෑනීන් පත්කෙළේය.


පූජකයන්ගේ ඇට ඔවුන්ගේ පූජාසන පිට ඔහු පුලුස්සා, යූදාද යෙරුසලමද පිරිසිදුකෙළේය.


තවද යේහු දවන පූජාව පුදා නිමකළ කෙණෙහිම ඔහු මුරකාරයන්ටත් ඔවුන්ගේ මුලාදෑනීන්ටත් කථාකොට: ඇතුළට ගොස් කාටවත් පිටතට එන්ට නෑර ඔවුන් මරන්නැයි කීවේය. එසේ මුරකාරයෝද මුලාදෑනිහුද කඩුමුවහතින් ඔවුන් මරා පිටතට දමා, බාල්ගේ ගෙයි මළුව දක්වාත් ගියෝය.


ස්වාමීන්වහන්සේ ඇර වෙන දෙවියෙකුට පූජාකරන තැනැත්තා සිඳදමනු ලැබිය යුතුය.


එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය.


ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධව මොරගසා: එම්බා පූජාසනය, පූජාසනය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–යොසියා නම්වූ පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, නුඹ පිට සුවඳ දුම් ඔප්පුකරන උස් තැන්වල පූජකයන් නුඹ පිට පූජාකරන්නේය, මිනී ඇටද නුඹ පිට දවනු ලබන්නේයයි කියනසේකැයි කීවේය.


ස්වාමීන්වහන්සේගේ කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේට බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.


ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ මාර්ගයෙන් නුඹ අහක්කිරීමට, නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් නුඹලා මුදාගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්න.


මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය.


මෘගයෙකු සමඟ සංවාසයකරන කවරෙක් නමුත් සැබවින් මරනු ලැබිය යුතුය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්