Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 22:1 - Sinhala Revised Old Version

1 යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස් එක් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙදීදාය, ඈ බොශ්කත්හි අදායාගේ දුවෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙදිදා ය. ඈ බෝශ්කාත්හි අදායාගේ දුවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජොෂියා අට අවුරුදු වයසේ දී රජ වී තිස්එක් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙදිදා ය. ඈ බෝශ්කාත්හි අදායාගේ දුවකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 22:1
14 හුවමාරු යොමු  

ලාකීෂ්ද බෝශ්කත්ද එග්ලොන්ද,


ආහාස්ට දාව හෙසකියා උපන්නේය; හෙසකියාට දාව මනස්සේ උපන්නේය; මනස්සේට දාව ආමොන් උපන්නේය; ආමොන්ට දාව යොෂියා උපන්නේය;


ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වලදී හෙසකියාගේ පුත්‍රවූ අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත්‍රවූ කූෂිගේ පුත්‍රයා වන ශෙපනියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.


ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වල, ඔහුගේ රජකමේ දහතුන්වෙනි අවුරුද්දේදී, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.


මම දරුවන් ඔවුන්ගේ අධිපතීන් කොට පත්කරන්නෙමි, බාලයෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.


එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!


සතුරාද පළිගන්නාද නිශ්ශබ්දකරන පිණිස, ඔබගේ එදිරිකාරයන් නිසා, ඔබ බාලයන්ගේද කිරිබොන බිළිඳුන්ගේද මුඛයෙන් බලය පිහිටෙවුසේක.


මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හෙප්ශීබාය.


ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට පූජාසනයට විරුද්ධව මොරගසා: එම්බා පූජාසනය, පූජාසනය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–යොසියා නම්වූ පුත්‍රයෙක් දාවිත්ගේ වංශයට ඉපිද, නුඹ පිට සුවඳ දුම් ඔප්පුකරන උස් තැන්වල පූජකයන් නුඹ පිට පූජාකරන්නේය, මිනී ඇටද නුඹ පිට දවනු ලබන්නේයයි කියනසේකැයි කීවේය.


නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය.


උස්සාගේ උයනේ තිබුණ ඔහුගේ සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජවුණේය.


නුමුත් ඔහුට උපදින පුත්‍රයෙක් තමාගේ පියා කළ සියලු පාප දැක, භයවී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්