Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 21:8 - Sinhala Revised Old Version

8 මා විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ සියල්ල ප්‍රකාරයටද මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔවුන්ට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයටද කරන්ට ඔවුන් බලාගත්තොත් ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දුන් දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළාව යන්ට නොසලස්වන්නෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මා විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද සියල්ල ප්‍රකාරයට ද මාගේ සේවක මෝසෙස් ඔවුන්ට අණ කළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ද කරන්නට ඔවුන් බලාගත්තොත්, ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දෙන ලද දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළා ව යන්නට නොසලස්වන්නෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මා විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද සියල්ල ප්‍රකාරයට ද මාගේ සේවක මෝසෙස් ඔවුන්ට අණ කළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයට ද කරන්නට ඔවුන් බලාගත්තොත්, ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දෙන ලද දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළා ව යන්නට නොසලස්වන්නෙමි”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 21:8
16 හුවමාරු යොමු  

මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකරමින් තවත් අහක් නොවෙන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් පිහිටුවන්නෙමි;


නුමුත් මා ඔවුන්ට අණකළේ: මාගේ හඬට කීකරුවෙන්න, එවිට මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලාද මාගේ සෙනඟ වන්නහුය. නුඹලාට ශුභසිද්ධවන පිණිස මා නුඹලාට අණකරන්නාවූ මුළු මාර්ගයෙහි හැසිරෙන්නය යන දේය.


නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.


ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.


මෝසෙස් අතින් ඉශ්‍රායෙල්වරුන් ලැබූ මුළු ව්‍යවස්ථාවේද පනත්වලද නියෝගවලද ප්‍රකාරයට මා ඔවුන්ට අණකළ සියල්ල කරන හැටියට ඔව්හු බලාගන්නෝනම්, නුඹලාගේ පියවරුන්ට මා නියමකළ දේශයෙන් ඔවුන්ගේ පාද තවත් අහක්ව යන්ට නොසලස්වන්නෙමියි කීසේක.


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් තමුන්ගේම ස්ථානයෙහි වාසයකොට මතු එයින් නොයන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියමකොට ඔවුන් පිහිටුවන්නෙමි; තවද මුලදී සිදුවූවාක් මෙන්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්