Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 21:24 - Sinhala Revised Old Version

24 නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 එහෙත්, දේශයේ සෙනඟ, ආමොන් රජුට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 එහෙත්, දේශයේ සෙනඟ, ආමොන් රජුට විරුද්ධ ව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත් ජොෂියා ඔහු වෙනුවට රජකමට පත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 21:24
13 හුවමාරු යොමු  

තවද රජකම ඔහු අතේ ස්ථිරවූ කෙණෙහිම ඔහු තමාගේ පියරජු මැරුවාවූ තමාගේ සේවකයන් මැරුවේය.


නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව මන්ත්‍රණයකළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය.


එකල යූදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්වූ උස්සියා කැඳවාගන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.


යෙරුසලමේ වැසියෝ ඔහුගේ බාල පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. මක්නිසාද අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව සියලු වැඩිමහල් පුත්‍රයන් මැරුවෝය. එබැවින් යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම්කෙළේය.


එකල යූදාහි මුළු සෙනඟ දහසය අවුරුදු වයස්ව සිටි අශරියා කැඳවාගෙන ඔහුගේ පියවූ අමශියා වෙනුවට රජකමට පත්කළෝය.


යෙහෝයාදා තෙමේ ස්වාමීන්වහන්සේගේ සෙනඟව සිටින හැටියට ස්වාමීන්වහන්සේ සහ රජුද සෙනඟද අතරේ ගිවිසුමක් කෙරෙවුවේය. එසේම රජුද සෙනඟද අතරෙත් කෙරෙවුවේය.


යෙරොබොවම් නැවත ආ බව සියලු ඉශ්‍රායෙල්වරු අසා සභාවට ඔහු ගෙන්වාගන සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔහු රජකොට පත්කළෝය. යූදා ගෝත්‍රයම මිස දාවිත්ගේ වංශය අනුව ගියාවූ වෙන කිසිවෙක් නොවීය.


රෙහොබොවම් ෂෙකෙම්ට ගියේය. මක්නිසාද ඔහු රජකොට පත්කරන පිණිස සියලු ඉශ්‍රායෙල්වරු ෂෙකෙම්ට ආවෝය.


මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.


මුළු සෙනඟද ගිල්ගාල්ට ගොස් එහි ස්වාමීන්වහන්සේ ඉදිරියේදී සාවුල් රජකමට පත්කොට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාන්ති පූජා ඔප්පුකළෝය; එහි සාවුල්ද සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද බොහෝසෙයින් ප්‍රීතිවූවෝය.


ආමොන් කළ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද?


ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වල, ඔහුගේ රජකමේ දහතුන්වෙනි අවුරුද්දේදී, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.


යොෂියා අට අවුරුදු වයසේදී රජවී තිස් එක් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම යෙදීදාය, ඈ බොශ්කත්හි අදායාගේ දුවෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්