Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 21:18 - Sinhala Revised Old Version

18 මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී, තමාගේ ගෙට අයිති උයන වන උස්සාගේ උයනෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මනස්සේ මියගිය පසු තමාගේ ගෙට අයිති උයන වන උශ්ශාගේ උයනෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මනස්සේ මියගිය පසු තමාගේ ගෙට අයිති උයන වන උශ්ශාගේ උයනෙහි තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත් ආමොන් ඔහු වෙනුවට රජ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 21:18
13 හුවමාරු යොමු  

මෙසේ මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ ගෙයි තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවිය.


උස්සාගේ උයනේ තිබුණ ඔහුගේ සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජවුණේය.


කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.


හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාසයෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ මරණයේදී සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද ඔහුට ගෞරවකළෝය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවිය.


ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.


ඔහු බොහෝ තුවාලවී සිටිද්දී ඔවුන් ඔහු අත්හැර ඔහු වෙතින් ගියාට පසු, ඔහුගේ සේවකයෝ පූජකවූ යෙහෝයාදාගේ පුත්‍රයන්ගේ ලේ ගැන ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහුගේ ඇඳේදී ඔහු මැරුවෝය, මෙසේ ඔහු මළේය. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත්කළ නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත් නොකළෝය.


ඔහු ඉශ්‍රායෙල්හිද දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෘහය උදෙසාද යහපතකළ බැවින් දාවිත්ගේ නුවර රජවරුන් අතරේ තැන්පත්කරනු ලැබීය.


ඔහු තිස් දෑවුරුදු වයසේදී රජවී අට අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කනගාටුනූණේය; ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝය, නුමුත් රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේය.


තවද සාමුවෙල් මළේය; සියලු ඉශ්‍රායෙල්වරු රැස්ව ඔහු ගැන වැලපී, රාමාහි තිබුණ ඔහුගේ නිවාසයෙහි ඔහු තැන්පත්කළෝය. දාවිත්ද පිටත්ව පාරාන් කාන්තාරයට බැස ගියේය. කර්මෙල්හි සම්පත් ඇති මනුෂ්‍යයෙක් මායොන්හි සිටියේය.


ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වල, ඔහුගේ රජකමේ දහතුන්වෙනි අවුරුද්දේදී, ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණියේය.


ආමොන්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යොෂියාගේ දවස්වලදී හෙසකියාගේ පුත්‍රවූ අමරියාගේ පුත්‍රයා වන ගෙදලියාගේ පුත්‍රවූ කූෂිගේ පුත්‍රයා වන ශෙපනියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.


ආමොන් විසි අවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මෙෂුල්ලෙමෙත්ය, ඈ යොත්බාහි හාරුශ්ගේ දුවෙක්ය.


ඔහුගේ පුත්‍රයා ආමොන්ය, ඔහුගේ පුත්‍රයා යොෂියාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්