Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 2:19 - Sinhala Revised Old Version

19 ඒ නුවර මනුෂ්‍යයෝ එලිෂාට කථාකොට: මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්නය. නුමුත් වතුර නරකය, පොළොවත් වඳ වෙන්ට සලස්වනවායයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඒ නුවර වැසියෝ එලිෂාට කතා කොට, “මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්න ය. එහෙත්, වතුර අපවිත්‍ර ය. එයින් ගබ්සා ඇති වන්නේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඒ නුවර වැසියෝ එලිෂාට කතා කොට, “මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්න ය. එහෙත්, වතුර අපවිත්‍ර ය. එයින් ගබ්සා ඇති වන්නේ ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 2:19
16 හුවමාරු යොමු  

නුඹේ දේශයෙහි කිසි ගබ්සාවීමක්වත් වඳව සිටීමක්වත් නොවන්නේය. මම නුඹේ දවස් ගණනද සම්පූර්ණකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ නුඹට දෙන ලෙස නුඹේ පියවරුන්ට දිවුළ භූමිය මතුපිට නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිවුපාවුන්ගේ ඵලයද භූමියේ ඵලයද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක.


ආරොන් මෝසෙස්ට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, අප විසින් මෝඩ ලෙස හැසිර කළාවූ පාපය අප කෙරෙහි නොතැබුවමැනවි.


ඔවුන් මාරාට පැමුණුණු කල එහි වතුර තික්ත නිසා බොන්ට නොහැකි විය. එබැවින් ඒ ස්ථානයට මාරා යන නම තබනලද්දේය.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ආරොන්ට මෙසේ කියන්න–නුඹේ සැරයටිය ගෙන මිසරවරුන්ගේ ගංගාද ඔවුන්ගේ ඇළ දොළවල්ද ඔවුන්ගේ විල්ද ඔවුන්ගේ සියලු දිය පොකුණුද ලේ වන පිණිස මිසරයේ ජලය කෙරෙහි අත දිගුකරන්න; මුළු මිසර දේශයෙහි ලී භාජනවලත් ගල් භාජන වලත් ලේ ඇතිවන්නේයයි කීසේක.


ඔහුගේ කාලයේදී බෙතෙලීය හීයෙල් විසින් යෙරිකෝව ගොඩනගනලද්දේය. ස්වාමීන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ලවා කියෙවු උන්වහන්සේගේ වචනය ලෙස ඔහු ඒකේ අත්තිවාරම දමන විට ඔහුගේ කුලුඳුළාවූ අබීරාම්ද ඔහු ඒකේ දොරටු පිහිටුවන විට ඔහුගේ බාල පුත්‍රවූ සෙගුබ්ද නැසුණෝය.


ස්වාමීන්වහන්ස, ඔවුන්ට [ප්‍රතිඵල] දුන මැනව. ඔබ කුමක් දෙනසේක්ද? ගබ්සාවන ගර්භයක්ද කිරි නැති තනද ඔවුන්ට දුන මැනව.


ඔබදියා යද්දී එලියා ඔහුට සම්බ විය. ඔබදියා ඔහු ඇඳින මුහුනින් වැටී: මාගේ ස්වාමිවූ එලියා ඔබදැයි කීයේය.


ඒ කාලයෙහි යෝෂුවා දිවුරමින්: යමෙක් නැගිට මේ යෙරිකෝ නුවර ගොඩනගන්නේ නම්, ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාපලත්තෙක් වේවා. ඔහු එහි අත්තිවාරම තබන විට ඔහුගේ කුලුඳුලාද එහි දොරටු තබන විට ඔහුගේ බාල පුත්‍රයාද නැතිවෙනවා ඇතැයි ඔවුන්ට කීවේය.


නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය.


යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා.


යෙසෙබෙල් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන් මරාදමන කල මා කළ දේ එනම් ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ගෙන් සිය දෙනෙකු පනස පනස බැගින් ගුහාවල සඟවා රොටිත් වතුරත් දී ඔවුන් පෝෂ්‍යකළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේද?


ඔව්හු යෙරිකෝවේ නැවතී සිටි ඔහු ළඟට හැරී ආවෝය; ඔහුද: නොයන්නැයි මා නුඹලාට කීවා නොවේදැයි ඔවුන්ට කීවේය.


ඔහුද: අලුත් සැළියක් මා ළඟට ගෙනැවිත් එහි ලුණු දමන්නැයි කීවේය. ඔව්හුද එය ඔහු ළඟට ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්