Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 19:28 - Sinhala Revised Old Version

28 මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාරය මගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාරය මාගේ කන්වලට පැමිණි නිසා ද නුඹේ නාසයේ මාගේ වළල්ලත්, නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවා යවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 19:28
25 හුවමාරු යොමු  

මම නුඹේ හකුවල කොකු දමා, නුඹේ ගංගාවල මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල වද්දවා, එසේ නුඹේ කොරපොතුවල වැදී ඉන්දැද්දී නුඹේ ගංගාවල සියලු මත්ස්‍යයන් ඇතුළුව නුඹව නුඹේ ගංගාවල් ඇතුළෙන් ගොඩට අදින්නෙමි.


ඔහු මේ නුවර තුළට නෑවිත් තමා ආ මගින් හැරී යන්නේ යයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධකම ගැන මෙසේ දිවුරා තිබේ: නුඹලාව කොකුවලින්ද නුඹලාගෙන් පැවත එන්නන් බිලිකටුවලින්ද අහකට ගෙනයන දවස් නුඹලා පිටට පැමිණෙන්නේය.


මම නුඹ පස්සට හරවා, නුඹේ හකුවල කොකු දමා, නුඹ සහ නුඹේ මුළු සේනාව අසුන්ද අසුරුවන්ද ඇතුළුව පිටතට ගෙනයන්නෙමි; ඔවුන් සියල්ලෝම අලංකාර වස්ත්‍ර ඇඳගන, පලිස්ද කුඩා පලිස්ද ඇති මහත් සමූහයක්ව, සියල්ලෝම කඩු පාවිච්චි කරන්නෝව සිටිති.


උන්වහන්සේගේ හුස්මද උතුරා කුළල දක්වා ගලන ඔයක් මෙන් විනාශය නැමති කුල්ලෙන් ජාතීන් පොළන පිණිසත්, මුළාකරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය.


උගේ නාසයේ වැල්පටක් දමන්ටවත් උගේ හක්ක උලකින් සිදුරු කරන්ටවත් නුඹට පුළුවන්ද?


තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.


ලෝකයා නුඹලාට වෛරවෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛරවුණ බව නුඹලා දනිහුය.


එවිට ඔහුගේ අත සුවවිය. නුමුත් ඔව්හු උමතුවෙන් පිරී: යේසුස්වහන්සේට කුමක් කරමුදැයි එකිනෙකා අතරේ කථාකරගත්තෝය.


ඔව්හු ඌට කොකු දමා කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝය; උගේ නාදය ඉශ්‍රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝය.


මක්නිසාද ඔබගේ සතුරෝ කෝලාහලකෙරෙති. ඔබට වෛරවන්නෝ හිස ඒසෙවුවෝය.


ඔබගේ විරුද්ධකාරයන්ගේ ශබ්දය සිහිනැති නොකළ මැනව. ඔබට විරුද්ධව නැගිටින්නන්ගේ කෝලාහල ශබ්දය නිතර නැඟේ.


ඔබගේ එදිරිකාරයෝ ඔබගේ සභා මධ්‍යයෙහි ගර්ජනාකළෝය; ලකුණු පිණිස තමුන්ගේ කොඩි එසෙවුවෝය.


උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.


ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.


තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව්. උන් දමනයකරන පිණිස කටකලියාව සහ පටිය දැමිය යුතුය, නැතහොත් උන් ඔබට ළං නොවෙති.


ස්වාමිනි, ඔබගේ උදහසින් නැඟුටුණ මැනව, මාගේ එදිරිකාරයන්ගේ කෝප වේගයට විරුද්ධව සිටිය මැනව. මා උදෙසා පිබිදුණ මැනව; ඔබ විසින් විනිශ්චය නියමකර තිබේ.


ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.


උගේ පිට වස්ත්‍රය ගළවන්ට කාට පුළුවන්ද? උගේ දත් දෙපේළියට ළංවන්නේ කවුද?


නුඹලාගේ මුඛයෙන් නුඹලා මට විරුද්ධව ගරුකම් කියා මට විරුද්ධව නුඹලාගේ වචන වැඩිකළහුය. මම ඒක ඇසීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්