Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 18:28 - Sinhala Revised Old Version

28 එවිට රබ්-ෂාකේ සිටගෙන යුදෙව් භාෂාවෙන් මහත් ශබ්දයකින් මොරගසා: අෂූර්හි රජ වන මහ රජ්ජුරුවන්ගේ වචන අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: “අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 එවිට රබ්-ෂාකේ සිටගෙන ජුදෙව් භාෂාවෙන් මහා ශබ්දයකින් මොරගසා මෙසේ කීවේ ය: “අසිරියාවේ රජු වන මහා රජතුමාගේ වචන අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 18:28
12 හුවමාරු යොමු  

එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්,


නුඹ කථාකොට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–තමාගේ ගංගාවල් මැද ලගින්නාවූ, මාගේ ගංගාව මාගේමය කියාත් මම්ම ඒක සාදාගත්තෙමියි කියාත් කියන්නාවූ මහ කිඹුලා වන මිසරයේ ඵාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධයෙමි.


මක්නිසාද මහෝත්තමවූ ස්වාමීන්වහන්සේ භයංකරය; උන්වහන්සේ මුළු පොළොව කෙරෙහි මහත් රජෙක් වනසේක.


රාජාධිරාජවූ අර්තක්ෂස්තා විසින් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ සම්පූර්ණ ලියන්නෙක්ව සිටින පූජකවූ එස්රාට…යනාදි ලියාඑවන වගනම්–


ඔවුන් නුවර අල්ලාගන්න පිණිස, පවුර පිට සිටි යෙරුසලමේ සෙනඟ භයගන්වන්ටත් ඔවුන් කලඹන්ටත් ඔව්හු යුදෙව් භාෂාවෙන් මහත් හඬකින් මොරගසා,


එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජවූ මහරජ්ජුරුවෝ මෙසේ කියන්නාහ–නුඹ විශ්වාසය තබන ඔය දේ කිමෙක්ද?


නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය.


එහෙත් රබ්-ෂාකේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉන්න මනුෂ්‍යයන් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මූත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට නොවේදැයි කීවේය.


නුඹලා රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න. මක්නිසාද මාගේ අතින් නුඹලා ගළවාගන්ට ඔහුට බැරිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්