Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 17:32 - Sinhala Revised Old Version

32 ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි භයපවත්වමින්, උස්තැන්හි ගෘහවල ඔවුන් උදෙසා පූජාකරන පිණිස තමුන් අතරෙන් උස් තැන්වල පූජකයන් පත්කරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් ගිරිකුළු දේවාලවල ඔවුන් උදෙසා පූජා කරන පිණිස තමන් අතරෙන් ගිරිකුළු දේවාලවල පූජකයන් පත් කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 ඔව්හු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් ගිරිකුළු දේවාලවල ඔවුන් උදෙසා පූජා කරන පිණිස තමන් අතරෙන් ගිරිකුළු දේවාලවල පූජකයන් පත් කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 17:32
11 හුවමාරු යොමු  

ඔහු උස්තැන් ගෙවල් කොට, ලෙවී පුත්‍රයන් නුවූ මුළු සෙනඟ අතරෙන් පූජකයන් පත්කෙළේය.


එසේ වුවත් ඒ ඒ ජාතීහු තම තමුන්ගේ දෙවිවරුන් සාදාගෙන, ඒ ඒ ජාතීන් විසූ නුවරවල තිබුණාවූ උස් තැන්හි ගෘහවල ඒවා තැබුවෝය.


ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද,


සමාරියේ නුවරවල තිබුණාවූ, ස්වාමීන්වහන්සේ කෝපකරවන ලෙස ඉශ්‍රායෙල් රජුන් විසින් සෑදුවාවූ උස්තැන්හිවූ සියලු ගෙවල් යොෂියා පහකොට, බෙතෙල්හිදී කළ සියලු ක්‍රියාවල ප්‍රකාර ඒවාටත් කෙළේය.


මේ දෙයට පසුවවත් යෙරොබොවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් උස් තැන්වලට පූජකයන් පත්කෙළේය. කැමතිවූ කොයි අය නුමුත් උස්තැන්වල පූජකයන් වීමට ඔහු කැපකෙළේය.


තවද ඔහු විසින් ඔහු තැන්පත්කළ පසු ඔහු තමාගේ පුත්‍රයන්ට කථාකොට: මා මැරුණාම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා තැන්පත්කරනලද සොහොන්ගෙයි මාත් තැන්පත්කරන්න; ඔහුගේ ඇට ළඟ මාගේ ඇට තබන්න.


ඔව්හු එහි වාසයකරන්ට පටන්ගන්න කල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව නොසිටියෝය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවුසේක, උන් ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරුවෝය.


ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතිව, තමුන් අත්ඇර ආවාවූ ඒ ජාතීන්ගේ විධියේ හැටියට තමුන්ගේ දෙවිවරුන්ට සේවයකළෝය.


සෙරුබ්බාබෙල්ද පියවංශවල ප්‍රධානීන්ද ළඟට ඇවිත් ඔවුන්ට කථාකොට: නුඹලා හා සමඟ මාලිගාව ගොඩනගන්ට අපට ඉඩදෙන්න. මක්නිසාද නුඹලා සේම අපිත් නුඹලාගේ දෙවියන්වහන්සේ අදහමුව; මෙතැනට අප ගෙනාවාවූ අෂූර්හි රජවූ ඒසර්-හද්-දොන්ගේ කාලයේ පටන් අපි උන්වහන්සේට පූජාකරන්නෝව සිටිමුයයි කීවෝය.


ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමාගේම සිතින් නියමකරගත් මාසය වන අටවෙනි මාසේ පසළොස්වෙනිදා ගියේය. ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මංගල්‍යයක් නියමකොට, සුවඳ දුම් ඔප්පුකරන පිණිස පූජාසනයට නැගී ගියේය.


මෙසේ මේ ජාතීහු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය පවත්වමින් තමුන්ගේ රූපවලට සේවයකළෝය; එලෙසම ඔවුන්ගේ දරුවෝද දරුවන්ගේ දරුවෝද තමුන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කෙරෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්