Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 16:14 - Sinhala Revised Old Version

14 ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පිත්තල පූජාසනය වූකලී ගෘහය ඉදිරියෙන් එනම් තමාගේ පූජාසනයටත් ස්වාමීන්වහන්සේගේ ගෘහයටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ ලෝකඩ පූජාසනය වූ කලී මාලිගාව ඉදිරියෙන් එනම්, තමාගේ පූජාසනයටත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ එය තැබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ ලෝකඩ පූජාසනය වූ කලී මාලිගාව ඉදිරියෙන් එනම්, තමාගේ පූජාසනයටත් සමිඳාණන් වහන්සේගේ මාලිගාවටත් අතරෙන් අහක් කොට තමාගේ පූජාසනයට උතුරු පැත්තේ එය තැබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 16:14
12 හුවමාරු යොමු  

ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය.


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න.


මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.


තවද හූර්ගේ පුත්‍රයා වන උරීගේ පුත්‍රවූ බෙශල්යෙල් සෑදූ පිත්තල පූජාසනය ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරිපිට තිබුණේය. සාලමොන්ද සභාවද ඊට ළඟාවුණෝය.


උරියා පූජක තෙමේ පූජාසනය ගොඩනැගුවේය. ආහාස් රජ දමස්කයෙන් එවූ සියල්ලේ හැටියට උරියා පූජක තෙමේ ආහාස් රජ දමස්කයෙන් එන්ට පළමුවෙන් ඒක සෑදුවේය.


පූජාසනය පස් රියනක් දිගටද පස් රියනක් පළලටද ෂිටිම් ලීවලින් සාදන්න; පූජාසනය හතරැස් විය යුතුය. එහි උස තුන්රියනක් විය යුතුය.


එහි අං එහි කොන් සතර පිට සාදන්න. අංද ඊට සම්බන්ධවී තිබිය යුතුය. ඒක පිත්තලින් වසන්න.


ඔහු තමාගේ දවන පූජාවත් ආහාර පූජාවත් දවා, තමාගේ පාන පූජාව වත්කොට, තමාගේ ශාන්ති පූජාවල ලේ පූජාසනය පිට ඉස්සේය.


ආහාස් රජ පූජකවූ උරියාට අණකරමින්: උදේ දවන පූජාවත් සවස ආහාර පූජාවත් රජුගේ දවන පූජාවත් ඔහුගේ ආහාර පූජාවත් දේශයේ මුළු සෙනඟගේ දවන පූජාවත් සවස ඔවුන්ගේ ආහාර පූජාවත් ඔවුන්ගේ පාන පූජාවලුත් මහත් පූජාසනය පිට දවා දවන පූජාවේ සියලු ලේත් පූජාවේ සියලු ලේත් ඊ පිට ඉසින්න. පිත්තල පූජාසනය වනාහි මා විසින් විභාගකරන පිණිස වන්නේයයි කීය.


ඇරත් ආහාස් රජු රජකම්කරන කල තමාගේ ද්‍රෝහිකමේදී අහකදැමූ සියලු භාණ්ඩත් අපි සූදානම්කර පවිත්‍රකෙළෙමුව; ඒවා ස්වාමීන්වහන්සේගේ පූජාසනය ඉදිරිපිට තිබේයයි කීවෝය.


ඔව්හු තමුන්ගේ එළිපත්ත මාගේ එළිපත්ත ළඟද තමුන්ගේ උළුවහු කණු මාගේ උළුවහු කණු ළඟද තැබුවෝය, මා සහ ඔවුන් අතරේ තිබුණේ භිත්තිය පමණක්ය; එසේ ඔවුන් කළාවූ තමුන්ගේ පිළිකුල්කම්වලින් ඔව්හු මාගේ ශුද්ධ නාමය අපවිත්‍රකළෝය. මමද මාගේ උදහසින් ඔවුන් විනාශකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්