Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 15:5 - Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ රජුට පහරදුන්සේක, ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨරෝගියෙක්ව, වෙනම ගෙයක වාසයකෙළේය. රජුගේ පුත්‍රවූ යෝතාම් රජගෙදර ප්‍රධානියාව සිට දේශයේ සෙනඟ විනිශ්චයකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 15:5
20 හුවමාරු යොමු  

රෝගය ඔහුට තිබෙන මුළු කාලයෙහි ඔහු අපවිත්‍රව සිටින්නේය; අපවිත්‍ර බැවින් ඔහු තනියම වාසයකළ යුතුය; ඔහුගේ වාසස්ථානය කඳවුරෙන් පිටත වන්නේය.


ස්වාමීන්වහන්සේද: ඇගේ පියා ඇගේ මුහුණට කෙළගැසුවේනම් ඒකට පවා ඈ සත් දවසක් ලජ්ජාවෙන් නොසිටින්නීද? ඈ සත් දවසක් කඳවුරෙන් පිටත වසා තබනු ලැබ පසුව ඇතුළට ගනු ලබාවයි ඔහුට කීසේක.


දෙවියන්වහන්ස, රජ්ජුරුවන්ට ඔබගේ විනිශ්චයන්ද රාජ පුත්‍රයාණන්ට ඔබගේ ධර්මිෂ්ඨකමද දුන මැනව.


එසේනම් අධිපතීන්ගේ තරාතිරම් නොබලන්නාවූ, දිළින්දාට වැඩියෙන් ධනවතාට කරුණාව නොදක්වන්නාවූ තැනන්වහන්සේට එසේ කියන්නේ කොහොමද? මක්නිසාද ඔවුන් සියල්ලෝම උන්වහන්සේගේ අත්වල කර්මාන්තය.


කුෂ්ඨරෝගීන් සතරදෙනෙක් වාසල් දොරකඩ සිටියෝය. ඔව්හු එකිනෙකාට කථාකොට: අපි නහින තුරු කුමට මෙහි සිටිමුද?


එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.


රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.


එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය.


දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය.


ඒ වරද යෝවාබ්ගේ හිස පිටත් ඔහුගේ පියාගේ මුළු වංශය පිටත් පැමිණේවා; යෝවාබ්ගේ වංශයෙහි ප්‍රමේහයක් ඇති කෙනෙක් හෝ කුෂ්ඨරෝගකාරයෙක් හෝ හැරමිටි වාරුවෙන් යන කෙනෙක් හෝ කඩුවෙන් වැටෙන කෙනෙක් හෝ කෑම හිඟවූ කෙනෙක් හෝ නැතුව නොසිටීවයි කීවේය.


කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් නුඹලාට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න.


වලාකුළද කූඩාරම මතුයෙන් පහව ගියේය; බලව, මිරියාම් කුෂ්ඨ රෝගීව හිම මෙන් සුදුවූවාය. ආරොන් මිරියාම් දෙස බැලූවිට ඈ කුෂ්ඨ සහිත වූවාය.


අශරියාගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


මේ සියල්ලෝම යූදාහි රජවූ යෝතාම්ගේ දවස්වලදීද ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලදීද පෙළපත් වශයෙන් ලියවුණෝය.


යූදාහි රජවරුවූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වල සහ යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලත් බෙයේරීගේ පුත්‍රවූ හොෂෙයාට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.


යෝතාම්ද ආහාස්ද හෙසකියාද යන යූදාහි රජවරුන්ගේ දවස්වලදී මොරෂ්තිය මීකා වෙතට පැමින්නාවූ, සමාරිය සහ යෙරුසලම ගැන ඔහු දුටුවාවූ ස්වාමීන්වහන්සේගේ වචනයය.


රෙමලියාගේ පුත්‍රවූ ඉශ්‍රායෙල්හි රජවූ පෙකාගේ දෙවෙනි අවුරුද්දේදී යූදාහි රජවූ උස්සියාගේ පුත්‍රවූ යෝතාම් රජවුණේය.


ඔහුගේ පුත්‍රයා අමශියාය, ඔහුගේ පුත්‍රයා අසරියාය, ඔහුගේ පුත්‍රයා යෝතාම්ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්