Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 15:28 - Sinhala Revised Old Version

28 ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු අහක්නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය. ඉශ්රායෙල්වරුන් පාපයට පෙළඹුවාවූ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාපවලින් ඔහු ඉවත් නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 15:28
8 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල් ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඉශ්‍රායෙල්වරුන්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් ඔහු තමාගේ සියලු දවස්වල අහක්නොවී සිටියේය.


ඔහු තමාගේ පියවරුන් කළාක්මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. ඔහු ඉශ්‍රායෙල්ට පව්කරන්ට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නූණේය.


එසේවීනුමුත් ඔව්හු ඉශ්‍රායෙල්වරුන් පව්කරන්ට සැලැස්සුවාවූ යෙරොබොවම්ගේ වංශයේ පාපවලින් අහක්නොවී ඒවායෙහි හැසුරුණෝය. අෂේරාකණුද ඒ වන තෙක් සමාරියේ තිබුණේය.)


ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින් ඉශ්‍රායෙල්වරුන්ට පව්කිරීමට සැලැස්සුවාවූ නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම්ගේ පාපවලින් අහක්නොවී ඒවායේ හැටියට හැසුරුණේය.


යූදාහි රජවූ අශරියාගේ පනස්දෙවෙනි අවුරුද්දේදී රෙමලියාගේ පුත්‍රවූ පෙකා සමාරියෙහි ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජවී විසි අවුරුද්දක් රජකම්කෙළේය.


ඉශ්‍රායෙල් රජවූ පෙකාගේ කාලයේදී අෂූර්හි රජවූ තිග්ලත්-පිලෙසෙර් ඇවිත් ඊයෝන්ද ආබෙල්-බෙත්-මයකාද යනෝවාද කෙදෙෂ්ද හාශෝර්ද ගිලියද්ද ගලීලයද එනම් මුළු නප්තලී දේශයද අල්ලාගෙන දේශවාසීන් අෂූර්ට ගෙන ගියේය.


අහසියා කළ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්