Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 11:15 - Sinhala Revised Old Version

15 එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන්ට කථාකොට: ඈ පංක්ති අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන්ට කතා කොට, “ඇය මුර භටයන් අතරෙන් පිටතට ගෙන යන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඈ මරනු නොලැබේ වා”යි පූජකයා කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එවිට ජෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන් වන ශතාධිපතීන්ට කතා කොට, “ඇය මුර භටයන් අතරෙන් පිටතට ගෙන යන්න. ඈ පස්සේ යමෙකු ආවොත් ඔහු කඩුවෙන් මරන්නැ”යි අණ කෙළේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දී ඈ මරනු නොලැබේ වා”යි පූජකයා කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 11:15
10 හුවමාරු යොමු  

එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ වනාහි අනාගතවාක්‍ය කියමින්, අත් දෙක එකට ගසන්න; කඩුව එනම් මරණීය තුවාල ලැබූ අය මරාදැමූ කඩුව නැවත තුන්වෙනි වරට පැමිණේවා. එය නම් මරණීය තුවාල ලැබූ උත්තමයා මරාදැමූ කඩුවය, එය ඔවුන්ගේ ඇතුල් ගෙවලට වදින්නේය.


නුඹලා ගෘහය අපවිත්‍රකරමින්, මැරුම්කෑවුන්ගෙන් මිදුල් පුරවා, පිටත යන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු පිටත ගොස් නුවර ඇතුළෙහි පහරදුන්නෝය.


එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන් පිටතට ගෙනවුත් ඔවුන්ට කථාකොට: ඇය පේළි අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.


යෙහෝයාදා පූජකයා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු දාවිත් රජුගේ හෙල්ල සහ පලිස්ද මහ පලිස්ද ශතාධිපතීන්ටදී,


සත්වෙනි අවුරුද්දේදී යෙහෝයාදා පණිවිඩ යවා කාරියවරුන්ගේද මුරකාරයන්ගේද ශතාධිපතීන් ගෙන්වා ස්වාමීන්වහන්සේගේ ගෘහයට තමා ළඟට පමුණුවාගෙන, ඔවුන් සමඟ ගිවිසුමක්කොට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිදී ඔවුන්ගෙන් දිවුරුම්ගෙන, රජුගේ පුත්‍රයා ඔවුන්ට පෙන්වා කථාකොට:


එවිට මුළු නුවර කැලඹී සෙනඟ එකට දුවගන ඇවිත් පාවුල් අල්ලාගෙන මාළිගාවෙන් පිටතට ඇද්දෝය. එකෙණෙහිම දොරවල් වසනලද්දේය.


ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත් දේශයේ මුළු සෙනඟ ප්‍රීතිව හොරණෑ පිඹිනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමය කියා මොරගැසුවාය.


මෙසේ ඔව්හු ඈට යන්ට ඉඩ ඇරියෝය; ඈ රජගෙදරට අශ්වයන් ඇතුල්වෙන මාර්ගයෙන් ගොස් එහිදී මරනුලැබුවාය.


නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්