Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 11:14 - Sinhala Revised Old Version

14 ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත් දේශයේ මුළු සෙනඟ ප්‍රීතිව හොරණෑ පිඹිනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමය කියා මොරගැසුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඈ බැලූ විට සිරිත් ප්‍රකාර රජු කණුව ළඟ සිටින බව ද රජු ළඟ අධිපතීන් ද නළාකාරයන් ද සිටින බව ද දේශයේ මුළු සෙනඟ ප්‍රීතියෙන් හොරණෑ පිඹින බව ද දැක හිත් වේදනාවෙන් ඇගේ ඇඳුම් ඉරාගෙන, “ද්‍රෝහිකමකි, ද්‍රෝහිකමකි” කියා මොරගැසුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 11:14
17 හුවමාරු යොමු  

රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.


තවද රජ මඤ්චකය උඩ සිට, ඒ පොතේ ලියා තිබුණ ඒ ගිවිසුමේ වචන ඉෂ්ටකරන පිණිස ස්වාමීන්වහන්සේ අනුව යන ලෙසත් උන්වහන්සේගේ ආඥාද උන්වහන්සේගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පවත්වන ලෙසත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේය. මුළු සෙනඟද ගිවිසුමට එකඟවූවෝය.


එවිට යෝරාම් හැරී පලායමින්: අහෝ අහසියා, මෙන්න, ද්‍රෝහිකමය කියා අහසියාට කීවේය.


උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන:


ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනඟ සුසුම්ලති.


තවද ඉස්සාඛර්ද සාබුලොන්ද නප්තලීද දක්වා ඔවුන් අසල සිටි අය කොටළුවන්ද ඔටුවන්ද අශ්වතරයන්ද ගොනුන්ද පිට රොටි සහ පිටි කෑමත් වියළි අත්තික්කා කැටි සහ මිදිපොකුරුත් මුද්‍රිකපානයත් තෙලුත් ගොනුන් සහ බැටළුවනුත් බොහෝසෙයින් ගෙනාවෝය. මක්නිසාද ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ප්‍රීතිය වූයේය.


එවිට ඔව්හු තමන් වස්ත්‍ර ඉරාගෙන තම තමන්ගේ කොටළුවන් පිට බඩු පටවා නුවරට හැරීගියෝය.


රූබෙන් වළ ළඟට හැරී ආයේය; ඔහු යෝසෙප් වළේ නැති බව දැක තමාගේ වස්ත්‍ර ඉරාගෙන


එවිට යෙහෝයාදා පූජකයා සේනාවේ ප්‍රධානීන්වූ ශතාධිපතීන්ට කථාකොට: ඈ පංක්ති අතරෙන් පිටතට ගෙනයන්න; ඈ පස්සේ යමෙක් ආවොත් ඔහු කඩුවෙන් මරන්නැයි අණකෙළේය. මක්නිසාද: ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී ඈ මරනු නොලබාවයි පූජකයා කීවේය.


මක්නිසාද ඔහු අද බැස ගොස් හරකුන්ද තර වස්සන්ද බැටළුවන්ද බොහෝ ගණනක් මරා රජුගේ සියලු පුත්‍රයන්ද සේනාපතීන්ද පූජකවූ අබියාතර්ද කැඳෙවුවේය; ඔව්හු ඔහු ඉදිරියෙහි කා බී–අදොනියා රජු සැරදේවයි කියති.


එවිට ඔව්හු ඉක්මන්ව එකිනෙකා තම තමාගේ වස්ත්‍රය රැගෙන ඔහුට යටින් ඒවා පඩිපෙළ මත්තෙහි එළා, හොරණෑ පිඹ: යේහු රජ්ජුරුවෝයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්