Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:34 - Sinhala Revised Old Version

34 යේහුගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ සියලු බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ජේහුගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ සියලු බලවත්කම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 ජේහුගේ අනෙක් ක්‍රියා ද ඔහු කළ සියල්ල ද ඔහුගේ සියලු බලවත්කම් ද ඉශ්රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:34
8 හුවමාරු යොමු  

යෙහෝවාහාස්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ වික්‍රමයද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


යෝවාෂ්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද යූදාහි රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


රෙහොබොවම්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද යූදා රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද?


යෙරොබොවම්ගේ අනික් කාරණා එනම්, ඔහු යුද්ධකළ හැටිද රජකම්කළ හැටිද ඉශ්‍රායෙල් රජවරුන්ගේ ලේකම් පොතේ ලියා තිබේ.


සාලමොන්ගේ අනික් කාරණාද ඔහු කළ සියල්ලද ඔහුගේ ප්‍රඥාවද සාලමොන්ගේ පවත් සඳහන්වූ පොතේ ලියා තිබෙනවා නොවේද?


හසායෙල් යොර්දානට නැගෙනහිරින් තිබෙන ඉශ්‍රායෙල්ගේ සියලු පළාත්වූ අර්ණොන් මිටියාවත ළඟවූ අරොයේර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත් රූබෙන්වරුන්ටත් මනස්සේවරුන්ටත් පහර-දුන්නේය.


යේහු තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යෙහෝවාහාස් ඔහු වෙනුවට රජ වුණේය.


අහසියා කළ අනික් ක්‍රියා ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්