Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 10:33 - Sinhala Revised Old Version

33 හසායෙල් යොර්දානට නැගෙනහිරින් තිබෙන ඉශ්‍රායෙල්ගේ සියලු පළාත්වූ අර්ණොන් මිටියාවත ළඟවූ අරොයේර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත් රූබෙන්වරුන්ටත් මනස්සේවරුන්ටත් පහර-දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 හසායෙල් ජොර්දාන්ට නැගෙනහිරින් තිබෙන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත් වූ අර්ණොන් මිටියාවත ළඟ වූ අරෝයෙර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත්, රූබන්වරුන්ටත්, මනස්සේවරුන්ටත් පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 හසායෙල් ජොර්දාන්ට නැගෙනහිරින් තිබෙන ඉශ්රායෙල්වරුන්ගේ සියලු පළාත් වූ අර්ණොන් මිටියාවත ළඟ වූ අරෝයෙර් පටන් තිබෙන මුළු ගිලියද් දේශයෙහිත් බාෂාන්හිත් විසූ ගාද්වරුන්ටත්, රූබන්වරුන්ටත්, මනස්සේවරුන්ටත් පහර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 10:33
9 හුවමාරු යොමු  

අර්ණොන් ඔය අසබඩ තිබෙන අරොයෙර් පටන්ද මිටියාවතේ තිබෙන නුවර පටන්ද ගිලියද් දක්වා අපට අල්වාගන්ට බැරිතරම් උස්වූ නුවරක් නොතිබුණේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සියල්ලම අපට දුන් සේක.


එවිට හසායෙල්; මාගේ ස්වාමියා අඬන්නේ මක්නිසාදැයි ඇසීය. ඔහු උත්තරදෙමින්: නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කරන්ට යන නපුර මා දන්නා නිසාය. නුඹ ඔවුන්ගේ බලකොටු ගිනිලා, ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් නසා, ඔවුන්ගේ දරුවන් බිමගසා මරා, ඔවුන්ගේ ගර්භීණීන් ඉරාදමන්නෙහියයි කීවේය.


යේහුගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහුගේ සියලු බලවන්තකම්ද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


එකල සිරියේ රජවූ හසායෙල් ඇවිත් ගාද්ට විරුද්ධව යුද්ධකොට ඒක අල්ලාගෙන, යෙරුසලමටත් විරුද්ධව එන්ට තමාගේ මුහුණ යොමු කෙළේය.


යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් තමාගේ පියවූ යෙහෝවාහාස් අතින් හසායෙල් විසින් යුද්ධකොට අල්ලාගත් නුවරවල් ඔහුගේ පුත්‍රයාවූ බෙන්-හදද්ගේ අතින් නැවත අල්ලාගත්තේය. යෝවාෂ් තුන්වරක් ඔහුට පහරදී ඉශ්‍රායෙල් නුවරවල් දෙවනු ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්