Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 2:11 - Sinhala Revised Old Version

11 මේක විශ්වාසවූ කීමක්ය: අපි උන්වහන්සේ සමඟ මැරුණෙමු නම් උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 පහත දැක්වෙන්නේ විශ්වාස කටයුතු කීමක් ය. “අපි උන් වහන්සේ සමඟ මැරෙමු නම්, අපි උන් වහන්සේ සමඟ ජීවත් වන්නෙමු;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 මෙය විශ්වාසනීය කියමනකි: උන්වහන්සේ සමඟ අපි මැරුණෙමු නම්, උන්වහන්සේ සමඟ අප ජීවත්වනු ද ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 පහත දැක්වෙන්නේ විශ්වාස කටයුතු කීමක් ය. “අපි උන් වහන්සේ සමඟ මැරෙමු නම්, අපි උන් වහන්සේ සමඟ ජීවත් වන්නෙමු;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 2:11
12 හුවමාරු යොමු  

තවද මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ ක්‍රිස්තුස්වහන්සේ තවත් නොමැරෙන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දන්නා බැවින්,


පව්කාරයන් ගළවන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ලෝකයට ආසේක යන කීම විශ්වාසවූ සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතුවූ කීමක්ය; ඔවුන් අතුරෙන් මම ප්‍රධාන පව්කාරයාය.


මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධවී සිටිමු නම්, උන්වහන්සේ නැගිටීමේ සමානත්වෙයනුත් සම්බන්ධවන්නෙමුව.


යේසුස්වහන්සේගේ ජීවත්වීම අපේ ශරීරයෙහි ප්‍රකාශවෙන පිණිස අපි යේසුස්වහන්සේගේ මරනු ලැබීම අපේ ශරීරයෙහි නිතරම දරාගෙන යමුව.


තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති; නුමුත් නුඹලා මා දකින්නහුය. මා ජීවත්වන බැවින් නුඹලාත් ජීවත්වන්නහුය.


මේක විශ්වාසවූ කීමක්ය. දෙවියන්වහන්සේ කෙරෙහි අදහාගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලාගන්නා පිණිස නුඹ විසින් මේ දේවල් සහතිකලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත්වූ ප්‍රයෝජනවත්වූ දේවල්ය.


අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක.


එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමඟ ස්වාමීන්වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල්වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමීන්වහන්සේ සමඟ සිටින්නෙමුව.


මක්නිසාද උන්වහන්සේ දුර්වලකමින් කුරුසියෙහි ඇණගසනු ලැබූ නුමුත් දෙවියන්වහන්සේගේ බලයෙන් ජීවත්වනසේක. එසේම අපිද උන්වහන්සේ තුළෙහි දුර්වලව සිටින නුමුත් උන්වහන්සේ සමඟ දෙවියන්වහන්සේගේ බලයෙන් නුඹලා උදෙසා ජීවත්වන්නෙමුව.


යමෙක් සභාවේ නායක තනතුර ලබන්ට ආශාවන්නේ නම් ඔහු යහපත් වැඩකට ආශාවන්නේය යනු විශ්වාසවූ කීමක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්