Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 1:15 - Sinhala Revised Old Version

15 පිගෙලස්ද හර්මොගෙනිස්ද ඇතුළුව ආසියාවේ සිටින සියල්ලන් මාගෙන් අහක්ව ගිය බව නුඹ දන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 පිගෙලස් හා හර්මෝගෙනිස් ඇතුළු ආසියාවේ හැම කෙනෙක්ම මා වෙතින් ඉවත හැරුණු වග ඔබ දනී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 පිගෙලස්, හර්මෝගෙනිස් සහ ආසියාවේ සිටින සියල්ලන් මා හැරදමා ගිය බව ඔබ දන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 1:15
10 හුවමාරු යොමු  

මාගේ පළමුවෙනි උත්තර දීමේදී කිසිවෙක් මා සමඟ නොසිට සියල්ලෝම මා අත්හැර ගියෝය. ඒක ඔවුන්ගේ ගණනට තබන්ට නොයෙදේවා.


මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණා සොයන්නෝය.


මෙය දෑවුරුද්දක් කෙරීගන ගියේය; මෙසේ ආසියාවේ විසූ සියල්ලෝ වන යුදෙව්වරුද ග්‍රීක්වරුද ස්වාමීන්වහන්සේගේ වචනය ඇසූහ.


ආසියාවේ සභාවෝ නුඹලාට ආචාර කරති. අකිලාද ප්‍රිස්කාද ඔවුන්ගේ ගෙදර තිබෙන සභාව සමඟ ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට බොහෝසෙයින් ආචාරකරති.


එහෙයින් අපගේ මේ කර්මාන්තය සුළු බවට පැමිණෙන්ට පුළුවන්වා පමණක් නොව, මුළු ආසියාවත් ලෝකයත් නමස්කාරකරන්නාවූ මහත් දේවතාවී වූ අර්තෙමිස්ගේ මාළිගාව අගෞරවයට පත්වීමද ඇගේ මහන්තත්ත්වය පවා පහවීයාමද වෙන්ට පුළුවනැයි කීවෝය.


ඔව්හු ආසියාවේදී වචනය කියාදෙන්ට ශුද්ධාත්මයාණන් විසින් තහනම් කරනු ලැබ, පිරිගිය සහ ගලාතිය පළාත මැදින් ගියෝය;


එසේ කළේ, හැකිවී නම් පෙන්තකොස්ත දවසේ යෙරුසලමේ සිටින්ට පාවුල් ඉක්මන්කළ බැවින්, ආසියාවෙහි කල්ගතකරන්ට නොවන පිණිස නැවෙන් එපීසය පසුකරයන්ට ඔහු නියමකරගන සිටි නිසාය.


ඔහුට මිත්‍රව සිටිය ආසියාවේ අධිපතීන්ගෙන් සමහරෙක්ද නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින්වත් ඇතුල් නොවන ලෙස ඉල්ලා ඔහුට කියා ඇරියෝය.


පාර්තිවරුද මේදවරුද ඒලාම්වරුද මෙසොපොතාමියෙහිත් යුදය සහ කපදෝකියෙහිත් පොන්තසය සහ ආසියාවෙහිත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්