Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 8:5 - Sinhala Revised Old Version

5 අප සිතූ ලෙස නොව පළමුකොට තුමූම ස්වාමීන්වහන්සේටද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන අපටද භාරවුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 අප සිතූ පමණටත් වඩා, ඔව්හු මුලින් ම සමිඳාණන් වහන්සේටත්, එමෙන් ම දේව කැමැත්ත අනුව අපටත් භාර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 ඒ අප අපේක්ෂා කළ පරිදි නො වේ; ඔවුන් පළමු කොට ස්වාමින්වහන්සේටත්, ඉන් අනතුරුව දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟව අපටත් තුමූම භාර වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 අප සිතූ පමණටත් වඩා, ඔව්හු මුලින් ම සමිඳාණන් වහන්සේටත්, එමෙන් ම දේව කැමැත්ත අනුව අපටත් භාර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 8:5
15 හුවමාරු යොමු  

එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.


තවද, සහෝදරයෙනි, මකිදෝනියේ සහාවලට දී තිබෙන දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අපි නුඹලාට දන්වමුව.


නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.


ස්වාමීන්වහන්සේගේ වචනයේ හැටියට රජුගේ සහ අධිපතීන්ගේ ආඥාව පවත්වන පිණිස යූදාවරුන් එක්සිත්කරවන ලෙස දෙවියන්වහන්සේගේ හස්තය ඔවුන් පිටද වූයේය.


එවිට තිස්දෙනාගේ ප්‍රධානියාවූ අමාසයි පිටට ආත්මය පැමිණ ඔහු කියනුයේ: දාවිත්නි, අපි නුඹේ පක්ෂයටද, යෙස්සේගේ පුත්‍රය, අපි නුඹ සමඟද සිටින්නෙමුව. සමාදානය, සමාදානයම නුඹට වේවා, නුඹට උපකාරකරන්නන්ටත් සමාදානය වේවා; මක්නිසාද නුඹේ දෙවියන්වහන්සේ නුඹට උපකාරකරනසේකැයි කීවේය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන හමුදාවේ ප්‍රධානීන් කෙළේය.


එබැවින් මමත් ඔහු ස්වාමීන්වහන්සේට දුනිමි; ඔහු ජීවත්ව සිටින තෙක් ඔහු ස්වාමීන්වහන්සේට කැපයයි කීවාය. ඔව්හු එහිදී ස්වාමීන්වහන්සේට නමස්කාර කළෝය.


නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.


ඉතින් නුඹලාගේ පියවරුන් මෙන් නුඹලාගේ කුළල් තදකර නොගෙන, ස්වාමීන්වහන්සේට ගිවිසුම් දී, උන්වහන්සේ සදාකාලයටම පවිත්‍රකළ උන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්වී, උන්වහන්සේගේ තද උදහස නුඹලා කෙරෙන් පහවන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්න.


මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.


තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටීමට කැඳවනු ලැබුවාවූ පාවුල් සහ අපේ සහෝදරවූ සොස්තෙනස් විසින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්