Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 8:11 - Sinhala Revised Old Version

11 ඉතින් කැමතිවීමට සූදානම්ව සිටියාක්මෙන්ම නුඹලාගේ පුළුවන්කමේ හැටියට එහි තීන්දුවත් පැමිණෙන පිණිස දැන් කිරීමත් තීන්දුකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔබ පටන්ගත් ඒ දේ දැන් අවසාන කළ යුතු ය. එවකට ආධාර දීමට ඔබ උද්‍යෝගිමත් වූ ලෙස ම එය නිමකරන්නට ද උද්‍යෝගිමත් වන්න. ඒ සඳහා හැකි පමණට දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 එබැවින් එලෙසම ක්‍රියාවෙන් දැන් එය සම්පූර්ණ කරන්න. ඔබට ඇති දෙයින් එය සම්පූර්ණ කිරීමෙන්, ඔබ ආශාවෙන් ඊට දැක්වූ ඕනෑකමට ද එය ගැළපේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔබ පටන්ගත් ඒ දේ දැන් අවසාන කළ යුතු ය. එවකට ආධාර දීමට ඔබ උද්‍යෝගිමත් වූ ලෙස ම එය නිමකරන්නට ද උද්‍යෝගිමත් වන්න. ඒ සඳහා හැකි පමණට දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 8:11
5 හුවමාරු යොමු  

මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය.


මට පඬුරක් ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. තමාගේ සිත එළඹවන එක එක අයගෙන් මාගේ පඬුර ගන්න.


මක්නිසාද, තමුන්ගේ පුළුවන්කමේ ප්‍රකාරයටත්, එසේය, ඊට වැඩියෙනුත්, ස්වකීය කැමැත්තෙන්ම ඔව්හු දුන්නෝයයි සාක්ෂිදෙමි.


මක්නිසාද මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.


එපමණක් නොව අපේ සේවයෙන් ඉෂ්ටකරන්නාවූ මේ ප්‍රසාදය ගැන අප සමඟ ගමන්කිරීමට ස්වාමීන්වහන්සේගේ ගෞරවයද අපගේ මනාපවීමද සඳහා ඔහුත් සභාවන් විසින් නියමකරනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්