Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:29 - Sinhala Revised Old Version

29 සාලමොන්ගේ අනික් ක්‍රියා මුල පටන් අග දක්වා ප්‍රොපේතවූ නාතාන්ගේ ඉතිහාසයේද ෂිලොනිය අහියාගේ අනාගතවාක්‍යයේද නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් ගැන දිවස් ඇත්තා වන ඉද්දෝ ලියු දර්ශනයේද ලියා තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 සලමොන් රජුගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා, දිවැසිවර නාතාන්ගේ ඉතිහාසයේ ද ෂිලෝනීය අහියාගේ දිවැස් වැකියේ ද නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් ගැන දිවැස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශන ග්‍රන්ථයේ ද ලියා තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 සලමොන් රජුගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා, දිවැසිවර නාතාන්ගේ ඉතිහාසයේ ද ෂිලෝනීය අහියාගේ දිවැස් වැකියේ ද නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් ගැන දිවැස් ඇත්තා වන ඉද්දෝ ලියූ දර්ශන ග්‍රන්ථයේ ද ලියා තිබෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:29
15 හුවමාරු යොමු  

මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ කාරණා එනම් ඔහුගේ මුළු රජකමද බලවන්තකම්ද ඔහුටත් ඉශ්‍රායෙල්වරුන්ටත්


ඒ කාලයේදී යෙරොබොවම් යෙරුසලමෙන් පිටතට යන කල අලුත් සලුවක් පෙරවාගන සිටි ෂිලොනීය අහියානම් අනාගතවක්තෘට ඔහු මගදී සම්බවිය; ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝය.


අබියාගේ අනික් ක්‍රියාද ඔහුගේ මාර්ගද කියමන්ද ප්‍රොපේතවූ ඉද්දෝගේ අටුවා පොතෙහි ලියා තිබේ.


මුල පටන් අන්තිම දක්වා රෙහොබොවම්ගේ ක්‍රියා ප්‍රොපේතවූ ෂෙමායාගේද ඉද්දෝ නම් දිවස් ඇත්තාගේද කථාන්තරවල පරම්පරා වශයෙන් ලියා තිබෙනවා නොවේද? රෙහොබොවම් සහ යෙරොබොවම් අතරේ නිතරම යුද්ධ පැවතුණේය.


තවද ස්වාමීන්වහන්සේ දාවිත් වෙතට නාතාන් යැවූසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කථාකොට: එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියෝය; එක්කෙනෙක් ධනවතෙක්ය, අනික් අය දිළින්දෙක්ය.


යෙරොබොවම් තමාගේ භාර්යාවට කථාකොට: නුඹ යෙරොබොවම්ගේ භාර්යාව බව නොදැනෙන හැටියට වෙස්වලා පිටත්වී ෂීලෝට යන්න; මා මේ සෙනඟ කෙරෙහි රජ වන්නේයයි මා ගැන කීවාවූ අහියා අනාගතවක්තෘ එහි සිටියි.


නුමුත් ශාදොක් පූජකයාද යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අනාගතවක්තෘවූ නාතාන්ද ෂිමෙයිද රේයිද දාවිත්ට අයිති බලවන්තයෝද අදොනියා සමඟ නොවූහ.


උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට යෙදීදියා යන නම තබන ලද්දේය.


තවද ශෙරේදායේ එප්‍රායිමියයෙක්වූ නෙබාත්ගේ පුත්‍රවූ, සාලමොන්ගේ සේවකයෙක්වූ යෙරොබොවම්ද රජුට විරුද්ධව තමාගේ අත එසෙවුවේය. වැන්දඹු ස්ත්‍රියෙක්ව සිටිය ඔහුගේ මවුගේ නම ශෙරුවාය.


සාලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත්‍රවූ යෙරොබොවම් මිසරයේදී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්