Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:18 - Sinhala Revised Old Version

18 සිංහාසනයට සවිකළ පඩි හයක්ද රන් පාපුටුවක්ද ආසනයේ දෙපැත්තෙහි අත්දඬු සහ අත්දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 සිංහාසනයට සවි කළ පඩි හයක් ද රන් පා පුටුවක් ද ආසනයේ දෙපැත්තෙහි අත් දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 සිංහාසනයට සවි කළ පඩි හයක් ද රන් පා පුටුවක් ද ආසනයේ දෙපැත්තෙහි අත් දඬු ළඟ සිංහ රූප දෙකක් ද තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:18
6 හුවමාරු යොමු  

එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය.


ඔහු නැමී හුන්නේය, සිංහයෙකු මෙන්ද සිංහධේනුවකු මෙන්ද වැතුරුණේය; ඔහු නැඟුටුවන්නේ කවුද? නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාදකරනු ලබත්වා, නුඹට ශාපකරන සියල්ලෝ ශාපකරනු ලබත්වයි කීවේය.


බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි කීවේය.


තවද රජ ඇත්දත්වලින් මහත් සිංහාසනයක් සාදා පවිත්‍ර රනින් ඒක වැසුවේය.


පඩි හය පිට දෙපැත්තේ සිංහ රූප දොළොසක්ද වූහ. කොයි රාජ්‍යයකවත් එබඳු එකක් සාදා තිබුණේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්