Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 9:12 - Sinhala Revised Old Version

12 ෂෙබාහි බිසව සාලමොන් රජුට ගෙනාවාවූ දේවල් වෙනුවට දුන් ඒවා හැර ඇගේ මුළු කැමැත්තලෙස ඈ ඉල්ලූ සියල්ලත් රජ තෙමේ ඈට දුන්නේය. මෙසේ ඈත් ඇගේ සේවකයොත් තමුන්ගේ දේශයට හැරී ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ෂෙබාහි රැජින සලමොන් රජුට ගෙනා දේවල් වෙනුවට දුන් ඒවා හැර, ඈ සිතූපැතූ සියල්ලත් රජතුමා ඈට දුන්නේ ය. ඉන්පසු ඇගේ සේවකයෝත්, ඈත් හැරී තමන්ගේ දේශයට යන්නට ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ෂෙබාහි රැජින සලමොන් රජුට ගෙනා දේවල් වෙනුවට දුන් ඒවා හැර, ඈ සිතූපැතූ සියල්ලත් රජතුමා ඈට දුන්නේ ය. ඉන්පසු ඇගේ සේවකයෝත්, ඈත් හැරී තමන්ගේ දේශයට යන්නට ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:12
5 හුවමාරු යොමු  

සාලමොන් රජ තමාගේ රාජකීය ත්‍යාගවත්කමෙන් ෂෙබාහි බිසවට දුන් දේවල් හැර ඇගේ කැමැත්තේ හැටියට ඈ ඉල්ලු සියල්ලත් ඈට දුන්නේය. ඉක්බිති ඈත් ඇගේ පිරිවරත් සිය රටට හැරී ගියෝය.


රජ ඒ හඳුන් ලීවලින් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සහ රාජ ගෘහයෙහිත් ගරාදිවැටවල්ද ගායනාකාරයන්ට වීණා සහ කුඩා වීණාද සෑදෙවුවේය. ඊට පළමුවෙන් එබඳු ඒවා යූදා දේශයේ නොදක්නා ලද්දේය.


සාලමොන්ට ගමන්කාර වෙළෙන්දන්ගෙන්ද වෙනත් වෙළඳුන්ගෙන්ද ලැබුණ රන් හැර අවුරුද්දකට ලැබුණු රන්වල බර තලෙන්ත හසිය හැටහයක්ය.


නුඹේ සිතේ ආශාව ලෙස නුඹට දෙනසේක්වා, නුඹේ මන්ත්‍රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා.


ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්