Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 8:5 - Sinhala Revised Old Version

5 එසේම ඉහළ බෙත්-හෝරන්ද පහළ බෙත්-හෝරන්ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නුවරවල්ද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එසේ ම ඉහළ බෙත්-හෝරන් ද පහළ බෙත්-හෝරන් ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නගර ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එසේ ම ඉහළ බෙත්-හෝරන් ද පහළ බෙත්-හෝරන් ද යන පවුරු, දොරටු හා අගුල් ඇති බලකොටු සහිත නගර ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 8:5
7 හුවමාරු යොමු  

සාලමොන් ගෙසෙර්ද පහළ බෙත්-හොරොන්ද,


ඔහුගේ දුව ෂෙයෙරාය, ඈ පහළ සහ ඉහළ බෙත්හෝරොන්ද උස්සේන්-ෂෙයෙරාද ගොඩනැගුවාය.


ඔහු යූදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය.


ඔහු කාන්තාරයෙහි තද්මොර්ද හමාත්හි ගොඩනැගූ ගබඩා-නුවරවල් සියල්ලද ගොඩනැගුවේය.


බාලාත්ද සාලමොන්ට තිබුණ සියලු ගබඩා-නුවරවල්ද තමාගේ රථවලට සියලු නුවරවල්ද තමාගේ අසරුවන්ට නුවරවල්ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් සාලමොන් තමාගේ සතුට පිණිස ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.


එතනින් බස්නාහිරට යප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත් ගෙසෙර්ටත් බැස ගොස්, මුහුද ළඟ කෙළවරවුණේය.


එප්‍රායිම් පුත්‍රයන්ගේ සීමාව ඔවුන්ගේ පවුල්වල හැටියට මෙසේවිය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අටාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වාය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්