Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 7:9 - Sinhala Revised Old Version

9 අටවෙනිදා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූහ. මක්නිසාද ඔව්හු සත් දවසක් පූජාසනයේ කැපකිරීමද සත් දවසක් මංගල්‍යයද පැවැත්තුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 අට වන දා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූ හ. මන්ද, ඔවුන් සත් දවසක් පූජාසනය කැප කිරීම ද සත් දවසක් මංගල්‍යය ද පැවැත්වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 අට වන දා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූ හ. මන්ද, ඔවුන් සත් දවසක් පූජාසනය කැප කිරීම ද සත් දවසක් මංගල්‍යය ද පැවැත්වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 7:9
10 හුවමාරු යොමු  

සත් දවසක් ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. අටවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වා ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. එය මංගල්‍ය රැස්වීමක් බැවින් නුඹලා කිසිම බර වැඩක් නොකළ යුතුය.


ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.


තවද පළමුවෙනිදා පටන් අන්තිම දවස දක්වා ඔහු දවසින් දවස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවේය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්තුවෝය; අටවෙනිදා නියමය ලෙස ගරුමය මංගල්‍යය රැස්වීමක් වූයේය.


මුළු සභාවද තවත් සත් දවසක් මංගල්‍යය පවත්වන්ට සම්මතකරගෙන, එය සත් දවසක් ප්‍රීතියෙන් පැවැත්තුවෝය.


මෙසේ ඒ කාලයෙහි සාලමොන්ද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් වන හාමත්ට ඇතුල්වෙන තැන පටන් මිසරයේ ඔය දක්වා පළාත්වලින් ආවාවූ මහත් සමූහයක්ද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් දවසක්ද තවත් සත්දවසක්ද එනම් දහහතර දවසක් මංගල්‍යය පැවැත්තූහ.


සදවසක් මුහුන් නොදැමූ රොටි කන්න. සත්වෙනිදා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගරුමය රැස්වීමක් වන්නේය; ඒ දවසේදී කිසි වැඩක් නොකරන්න.


පූජාසනය ආලේපකළ දවසෙහි අධිපතිවරු එය කැපකිරීම පිණිස තමුන්ගේ පඬුරු පූජාසනය ඉදිරියෙහි ඔප්පුකළෝය.


සත්වෙනි මාසයේ විසි තුන්වෙනිදා ඔහු සෙනඟ තමුන්ගේ කූඩාරම්වලට යන්ට හැරියේය, ඔව්හුද ස්වාමීන්වහන්සේ දාවිත්ටත් සාලමොන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් කළ යහපත ගැන ප්‍රීතිව සන්තෝෂ සිත් ඇතුව ගියෝය.


සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.


සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ සත්වෙනි මාසය වන ඒතානිම් මාසයේ මංගල්‍යයේදී සාලමොන් රජු වෙතට රැස්වූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්